Wednesday, January 20, 2016

පේන මානේ නේන නුඹ ගැන හිතේ මුල්ලක අාලයක් අැත.



හීන සියොලඟ වෙලාගෙන අැත
නේක සිතුවිලි හදවතේ නැත
පේන මානේ නේන නුඹ ගැන
හිතේ මුල්ලක අාලයක් අැත.

ධවල අංජන දෙනෙත නිල් නැත
නා තුරඟ දළු දෙතොල් මත නැත
ඉනූ වරලස මයුර පිල් නැත
ඒත් ඔය වත අඩුවකුදු නැත

ඔබේ වත ගැටි සුළ දැක නැත
හීන අතරද නුඹ සරන්නැත
ගෙපැල එළියට එයිද දන්නැත
හිතේ අැතිවුණ අාලයක වත.....................


තුෂාර විතාරණ


.

60 comments:

  1. අද මන් එකද
    ලස්සනයි මචන්...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අද තෑග්ග ලැබෙන්නේ උඹට......... රුපියල් දෙකක තෑගි වව්චරයක් තියෙනවා... හම්බුණාම දෙන්නම්....

      Delete
  2. හිතිං ලව් කිරිල්ලත් නරකම නෑ..

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න අයියා ඔ්වා නොදන්නවා යෑ නේද???????

      Delete
    2. දෙමල නයනු අයියා හිතින් ඇර වෙන කොහොම ලව් කොරන්නද??
      දෙමල නයනු අක්කා හැම තිස්සෙම කඩේ දොරකොඩ..

      හි ක් හ්ක ි

      Delete
    3. මේ මල්ලිටනං ඉතිං දහය වෙන්කොට ඔෆිස් යන්න එන්න තියෙන හින්ද ඕව කෙරෙන එකක් නෑ. හැක්..

      Delete
    4. ප්‍රසන්න අයියා විදානේ අද හොදට ම පරක්කුයි..... බලන්න දවල් දොළහයි පනස් අට වෙනකල් වැඩ කරලානේ...... මහන්සි අැති ඔ්කට...

      Delete
    5. යකඩෝ මේ මාසෙට දැනට දවස් පහක්ම වැඩට ගිහිං තියනවා ඒ මදිද බොලාට.. අද උදේ රත්නපුරේ ගිහිං මධාවියත් හම්බුවෙලා ඌට සබරේ ඇනෝවත් අදුන්වල දීල තමයි දොලහයි පනස් ගාන වෙනකොට මෙතැන්ට ආවේ. ආන්න අරුං දෙන්න දැං මං කන්න හදනවා. මට හිතෙන්නේ උන්ට උං දිර්‍රවන් නැතුව ඇති........

      පුසා අයියා.. හෙට අනිවා වැඩ්ට යනවා ඔය පැත්තට ඔලුව දාල යන්න එන්නං ඈ..
      බු දු ස ර ණ යි !!

      Delete
    6. //ආන්න අරුං දෙන්න දැං මං කන්න හදනවා. මට හිතෙන්නේ උන්ට උං දිර්‍රවන් නැතුව ඇති........// මේ කෑල්ල පැහැදිලි නැහැ.. මධාවියායි සබරෙයිද????????

      Delete
  3. ගති තුෂාරයියේ.. දෙවැනි තෙවැනි පේළි ත යන්නෙන් නැතිව වෙනඅකුරකින් අවසන් වුණා නම් තවත් හොඳයි කියලා හිතෙනවා...
    එකෙන්ම ලස්සනයි
    ජයවේ ගී පවුර!

    ReplyDelete
    Replies
    1. මොකක් ද බං මේ නුවන් කියන්නේ..............??????

      Delete
    2. මගෙ නමේ මුල් කෑල්ල නුවන් සංජීව වර්ණකුලසූරිය

      Delete
    3. ඒත් මේ අයිකන් ඒක වෙනස් කරන්න ඒපා... ඒක ඔබේ අනන්‍යතාවය ගොඩනැගීමට අවුලක්..... බ්ලොග්වල තියෙන වැදගත් ම දෙයක් තමා ඔය රූපය සහ නම............ (අපිටත් මේ නම පොඩ්ඩක් විතර වෙනස් කර ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා... ඒත් ඒකේ බලපෑම කොහොම වෙයිද දන්නැති නිසා තාම ඒක නවත්තගෙන ඉන්නවා.. සම්පූර්ණයෙන් ම වෙනස් කිරීමට නෙමෙයි.. නමේ පොඩි කොටසක් වෙනස් කරන්න විතරයි හිතාගෙන ඉන්නේ....)

      Delete
  4. Replies
    1. ස්තූතියි කසුනෝ................

      Delete
  5. මෙලෝ රහක් නෑ බං උඹේ කවි..
    මේ බ්ලෝග් එක දීපං උප්පලානිට..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ටිකිරත් එක්ක සමපෝෂ කනව වගේ ලේසි නෑ බං මේව. හැක්..

      Delete
    2. මූ හිතාගෙන ඉන්නේ ටිකිරාත් ඒක්ක සමපෝෂ ගුලියක් කාලා අැඹිලිපිටියේ ගියාම හරි කියලා........... මචං අර අැඹිලිපිටියේ තියෙන වාහන වල ඒසී ඒකේ තියෙන අවුල මොකක්ද??????

      Delete
  6. ගීතයකට හොඳයි

    ReplyDelete
    Replies
    1. ගීතවත් තනුවක් හැදුනොත් ගීතයක් වේවි නේද??????

      Delete
  7. සිතින් විතරක්‌ පෙම් කරන්නම්
    දුරින් හිඳ ඔබ දෙස බලන්නම්
    ළංව ඉන්නට බෑ ඔබේ
    අපට අප හිමි නෑ ලොවේ
    ඔබට මා හිමි නෑ...
    මට ද ඔබ හිමි නෑ...

    නිසල නෙතින් ඔබ මදෙස බලා ඉඳී
    දෙතොල් ඔබගේ මදහසින් සැරසේ
    දෙනෙත් ඔබ වෙත පා කරනු බෑ
    දෙතොල් සිනහා මවනු මට බෑ
    අපට අප හිමි නෑ ලොවේ
    ඔබට මා හිමි නෑ
    මටද ඔබ හිමි නෑ...

    සසල වුණත් මගෙ සිතිවිලි ඔබ ළඟ
    නිසල කරන් මම ඉන්නම් සෑම දින
    කාත් කවුරුවත් නොමැති මා හට
    ඔබත් අහිමිව ගියපු අරුමය
    අපට අප හිමි නෑ ලොවේ
    ඔබට මා හිමි නෑ
    මට ද ඔබ හිමි නෑ

    ගායනය - චාමර වීරසිංහ

    ReplyDelete
    Replies
    1. ගීත අඩුව පිරිමහන උඹට පිං.................

      Delete
    2. මචෝ සිංදු ඇනෝ..

      /සිතින් විතරක්‌ පෙම් කරන්නම්
      දුරින් හිඳ ඔබ දෙස බලන්නම්
      ළංව ඉන්නට බෑ ඔබේ
      අපට අප හිමි නෑ ලොවේ
      ඔබට මා හිමි නෑ...
      මට ද ඔබ හිමි නෑ.../

      බොහෝම කාලයක් එකම ‍පංසලේ එකම කුටියේ බොහොම ලෙන්ගතුව වාසය කරලා ඉන්න තරුණ හාමුදුරුවන් වහන්සේලා දෙදෙනෙක් අතරින් එක් හිමි නමක් උසස් අධ්‍යාපනය සඳහා ඒ පංලෙන් නික්මිනා ඈත සිදාදියේ තියෙන සරසවියට යන්නට සැරසෙන විට අනෙක් හමුදුරවන් වහන්සේගේ හිතේ නැගුනු සිතුවිලි එහෙමත් නැත්තමි හැඟීම් මේ ගීයෙන් මනරම්ව අකුරු කරලා තියනවා..

      තමන්ව "මා හිමි" ලෙසත්, තමන් සමග වඩසිටි අනෙක් හිමි නම "ඹබ හිමි" ලෙසත් අමතන්නට තරම් උන් වහන්සේලාගේ සංවරවත්වය විනයානුකූලවබව කෙතරම්ද බලන්න..

      නිසල නෙතින් ඔබ මදෙස බලා ඉඳී
      දෙතොල් ඔබගේ මදහසින් සැරසේ
      දෙනෙත් ඔබ වෙත පා කරනු බෑ
      දෙතොල් සිනහා මවනු මට බෑ
      අපට අප හිමි නෑ ලොවේ
      ඔබට මා හිමි නෑ
      මටද ඔබ හිමි නෑ...

      ඉදින් සරසවිය වෙත වඩින ඹබ වහන්සේට කිනම් ශෝකයක් ද? , තවමත් පෘතග්ජන ඹබ වහන්සේගේ මුවින් මදහසක් නැගීම බොහෙම සාධාරණයි එයට මා හිමිත් බොහෝ කැමතියි නමුත් ඹබ හිමිගේ දෙනෙත් දෙස බලා එසේ මා හිනැගෙන්නේ කෙලෙසද?? හෙට උදෑසන ඹබ හිමි සරසවිය බලා නික්මෙනු ඇත. මේ ගඳකිලිය තුල මා හිමි හෙට පටන් තනිවෙනු ඇත.

      සසල වුණත් මගෙ සිතිවිලි ඔබ ළඟ
      නිසල කරන් මම ඉන්නම් සෑම දින
      කාත් කවුරුවත් නොමැති මා හට
      ඔබත් අහිමිව ගියපු අරුමය
      අපට අප හිමි නෑ ලොවේ
      ඔබට මා හිමි නෑ
      මට ද ඔබ හිමි නෑ..

      ඔබ හිමි තරම් මා හිමිගේ වන පොත් කිරීම් නිවැරදි නොවුනුකල? නායක හිමියන් මාවෙත දොස් පරොස් වදාරා වැරෙන් වේවැල් පහරදී තලා පෙළා මා තනිකර යද්දී, එක් බන වදනකින් හෝ මා සිත සුවපත් කෙරුමට සිටියේ ඔබ හිමිම පමණයි.. හෙට අළුයම පටන් ඹබ වහන්සේත් නොමැති කල, මා මේ කුටියෙහි වසන්නේ කෙලදැයි සිතනකල, හෙටින් පසු මා සනසා බන වදනක් දෙසන්නේ කවුරුදැයි සිතන කල.. අහෝ.. මා හිමිගේ සිතුවිලි සසලවන හැටි ඔබ හිමිට නොදැනෙනවා ඇති..
      ඉදින් ඔබ හිමි නිවුනි සිතින් හෙට උදෑසනම නගරයේ සරසවිට වඩින්න. මා හිමි මේ වේදනාවන් කෙසේ හෝ ඉවසා වදාරා සිටින්නම්..
      ඹබ හිමිට

      ජ ය වේ වා !!!

      Delete
    3. මචං සංඝයා වහන්සේලාට ඔය වැඩ තහනම්........

      Delete
    4. /සංඝයා වහන්සේලාට ඔය වැඩ තහනම්.../
      ඹය වැඩ කිව්වේ මහන්සිවෙලා පාඩම් කරලා කැම්පස් යන එකද???

      Delete
    5. Vidane kiyana aruthada Thusaa (sithin witharak) sinduwe thiyanne,?
      man hithan hitiye wenamama kathaawak.

      Delete
  8. Replies
    1. තැන්කූ මාතා...................

      Delete
  9. Replies
    1. ස්තූතියි නිදහස්........

      Delete
  10. ලස්සනයි, අත්දැකීමක්ද?

    ReplyDelete
    Replies
    1. උත්තර දෙන්න බැරි ප්‍රශ්ණනේ ලලිත් අහන්නේ.......

      Delete
  11. නියමයි තුෂාර,වික්ටර් රත්නායකගේ වගේ වොයිස් එකකට නියමෙට යයි කියලා මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. අැත්ත මනෝජ්............

      මමත් අැත්තට ම මේකට ගැලපෙන හඩ ගැන හිත හිතාමයි හිටියේ...... අැත්තට ම ඔබේ කතාව හරි.... ඒක තමා නියමම හඩ...... ස්තූතියි මනෝජ්........

      Delete
  12. කවුරු කොහොම උනත් හිතේ ප්‍රේමෙ පට්ට ආතල් යැ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හිතේ තියන ඒවා ළගදි හැබෑ වෙනවා කියලා අාරංචි වුණා..... (රහසින්)

      Delete
  13. peana maane neana nuba gena
    hithe mullaka aalayak aetha....

    kavi tika harima apurui thusaa..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෙනරත් සහෝ..........

      Delete
  14. මේක ලිව්වේ අර පින්තුරේ බලාගෙනද?

    ReplyDelete
    Replies
    1. කලින් ලියුව කවියක්....... රූපය හොයාගත්තේ පස්සේ......

      Delete
  15. අඩේ, මාව මටම අමතක උනෝ.........

    ReplyDelete
    Replies
    1. ඒකනේ උම්මත්තක කියන්නේ.....

      Delete
  16. 50% ලව් එක තරම් ලව් එකක් ලොවෙත් නෑනෙ මචෝ...

    ReplyDelete
    Replies
    1. අනිවා......... අපේ කොල්ලෙක් හිටියා උෟට අපි කියන්නේ ෆිෆ්ටි ෆිෆ්ට් කියලා..... ඒක දවසක් කිව්වා මට නං කෙල්ලෙක් ඉන්නවා දැන් 50% හරි කියලා...... අපි බලද්දි මුගේ 50% විතරලු හරි......

      Delete
  17. ගොඩාක් ලස්සනයි තුශාර, සංකල්පය හරිම අපූරුයි. මං වඩාත් කැමති,

    " ධවල අංජන නිල් නෙත් නැත - නා තුරඟ දළු දෙතොල් මත නැත
    ඉනූ වරලස මයුර පිල් නැත - ඒත් ඔය වත අඩුවකුදු නැත "

    හැබෑ ආදරේට ඒවා මොකටද නේ ...

    ReplyDelete
    Replies
    1. ඔව් සදරුවෝ අපි අාදරේ කරන කාලේ කියන්නේ ඔයා මෙච්චර ලස්සනයි අච්චර ලස්සනයි කියලා.... ඒත් අැත්තට ම ඒ රූපයේ ඒ දේවල් නැහැනේ...... අාදරේ කියන්නේ තියෙන දේට අැලුම් කිරීම මිසක් නැති දේ සෙවීම නෙමෙයිනේ........

      Delete
  18. මේක සිංදුවක්මයි;අර "ඉස්සර හිටපු" අසංක ප්‍රියමන්තගේ කටහඬට ගැලපෙන.
    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කසුට්ටෝ..............

      සින්දුවක් වෙන ඒක ගැනනං කියන්න බැහැ... ඒත් මේ ප්‍රතිචාර තමා අපිට දැනෙන සතුට...... ස්තූතියි මචං

      Delete
  19. හිතින් ලව් කරන එක සිරාවට ලවු කරනවට වැඩිය මරු බං එක වෙලාවකට.

    ReplyDelete
    Replies
    1. අනිවා දිනේෂ්............ අනිවා

      Delete
  20. තුෂාරයා ලිව්වොත් ඉතින් පට්ටනේ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බං......... මෙහෙම කතාවක් අැහුවාමයි..... මාරයි

      Delete
  21. ඇයි වදේ මේ ආලය කියලා එකක් ගැනම කියවන්නේ?

    ReplyDelete
    Replies
    1. අා............ පොඩි උන්ට ඒවා ඔ්න්නැහැ...

      Delete
  22. Replies
    1. ස්තූතියි තමයි..........

      Delete

Related Posts Plugin for WordPress, Blogger...