Friday, December 4, 2015

පුතුනි නුඹ හට සුවය සදනෙමි...........


ඈත අහසේල හිරුගෙ සැඩ රැස්
පෙරා දෝතින් රැගෙන එන්නෙමි...
ගතේ රතු ලේ කිරට හරවා
මගේ පුතු හට දොවා දෙන්නෙමි....

හදේ පොපියන උතුම් සෙනෙහේ
පුතුගෙ නාමෙන් බැබළි බැබළී....
දුටුවාද පුත රෑට අහසේ
තාරකා එළි ලෙසට හිනැහේ....

මෙලෝ වඩිනට පෙරුම් පිරුවේ
මගේ කුසයෙන් දිවිය ලැබුවේ....
මව්ගෙ උණුහුම පිරුණ ළැමතුර
සිහින දකිමින් තුටින් නැළවේ....

උතුම් පදවිය නුඹෙන් ලැබුවෙමි
නුඹට ප්‍රාණය වුවත් පුදනෙමි....
මගේ තුරුලේ නිදන කිරි කැටි
පුතුනි නුඹ හට සුවය සදනෙමි....


ඉසුරිකා උත්පලානී


.

54 comments:

  1. ඈ දිවියේ ලබන උතුම්ම පදවිය
    ලස්සනයි
    ජයවේ

    ReplyDelete
  2. ඉස්තූතියි වර්ණ

    ReplyDelete
  3. හරිම ලස්සනයි. ගීතයකට නියමයි. ඔබ ගීත රචනය කලයුතුයි

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි ඉයන්, උත්සාහ කරල බලන්නම්

      Delete
  4. අම්මා.... මේ ලෝකෙ ලස්සනට වචනය
    ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ඔව් ඇනෝ, ආදරණීයම වචනය, ඉස්තූතියි

      Delete
  5. එල ද බ්‍රා
    මේක මම කොපි කරගන්නද?

    ReplyDelete
    Replies
    1. ඕනි නම් ගන්න අනේ,කමක් නෑ,...........

      Delete
    2. හෙට පොඩි මෙන්ඩාගේ උපන් දිනයට මේක දෙනවා ඉසුරිකා නැන්දාගෙන් කියලා

      Delete
    3. අනේ....පොඩි මෙන්ඩට අපිත් සුබ පතනව කියන්න. ඒක මට ලොකු ගෞරවයක් මෙන්ඩ අයියෙ......
      ඉස්තූතියි

      Delete
    4. podi Mendata suba upan dinayak wewaa :)

      Delete
    5. මෙන්ඩෝ................මදාවි මමාත් පොඩ්ඩාට තෝ වගේ තාත්තෙක් ලැබීම ගැන සුබ පැතුවා කියපියෝ..........

      Delete
  6. Replies
    1. ඉස්තූතියි නිදහස්........

      Delete
  7. ලස්සනම ලස්සන කවි පංතියක්. :)

    මේ ඔය පදවිය මමත් ලබපු අළුත මගේ බ්ලොග් අඩවියේ දාපු එකක්:

    සඳ වටකර රෑ අහසේ රන් තරු කැට බබළන්නේ
    මඳ සුළඟේ දැවටීලා තුරු ලිය ගී මුමුණන්නේ
    සුදු පාටින් බැබලි බැබලි මල් කුමරියො හිනැහෙන්නේ
    ඒ මිහිරෙන් මගෙ රන්කැටි පුතු නැළැවී නිදියන්නේ

    සඳ එළියේ පුළුන් වළා ඔරුවකි අර පා වෙන්නේ
    එහි නැගිලා සුරංගනාවියො පොළොවට පැමිණෙන්නේ
    පිණි ඉහිරුණු තණ බිස්සේ වළා ඔරුව නැවතෙන්නේ
    සුරංගනා කුමරියො ඉන් බැස මේ දෙසටයි එන්නේ

    හෙමිහිට රැළි නැගෙනා විල් තෙර මඳකට නවතින්නේ
    දෝත පුරා කුමුදු නෙළා මල් මාලා අමුණන්නේ
    ඒ මල් ගෙන සිනා සිසී හෙමිහිට පා තබමින්නේ
    මා පුතු දෙස එබිකම් කර හොර රහසෙන් මුමුණන්නේ

    සඳ කුමරුන් පරදන රුව ඇති මා රන් කැටි පුතුනේ
    සඳ එළියක් සේ ලොවටම මිහිර ගෙනෙන මගෙ පුතුනේ
    සුර ලියන්ගෙ කුමුදු මලින් කිරුළු පලන් කුමරුවනේ
    නුඹේ සිනා අප ලොව නිති සුවඳ කුසුම් පුබුදන්නේ

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි සිතුවිලි, ඔයාගෙ කවියත් හරිම ලස්සනයි.චිත්ත රූප මැවෙනව.

      Delete
  8. සෙනෙහේ ගලන අලංකාර පදපෙලක්.
    ජය ශ්‍රී.

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි ගල් මල්.........

      Delete
  9. ගොඩක් ලස්සන කවි පන්තියක්.
    මමත් හැදුවා බ්ලොග් එකක් හොදයිද බලන්න
    http//newsinhalife.blogspot.com

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි මහෙශ්,...අපිත් ඒ පැත්තෙ ගිහින් බලන්නම් එහෙනම්

      Delete
  10. ඉස්තූතියි ඉන්ද්‍රජිත්.......

    ReplyDelete
  11. ලස්සන පද පෙළක්..

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි ප්‍රසන්න.........

      Delete
  12. ලොවේ උතුම්ම පදවිය ලද සතුට ...
    අසමසම මව් සෙනෙහස ..

    සොඳුරු සංකල්පනාවක් ..!

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි සඳරු.....
      ඒ හැඟීම මොන වගේද කියල පරිකල්පනය කරගත්තෙ හරි අමාරුවෙන්

      Delete
  13. අප්‍රමාණ සෙනෙහසේ සුවඳ පද සැරසුමක් ඉසුරිකා

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි සාරිකා.........අප්‍රමාණ දෙයක් බොහොම අපහසුවෙන් ප්‍රමාණ කළේ, ඒ අපරිමිත සෙනෙහසට සාධාරණයක් වෙලා නම් ඒ ඇති.

      Delete
  14. lassanay Awith yanna appachchi gAna liwwe
    http://nihandasiththaraawi.blogspot.com/2015/11/blog-post_28.html

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි ප්‍රියන්ති.....අපිත් ගිහින් බලන්නම්

      Delete
  15. Replies
    1. ඉස්තූතියි අම්බලන්ගොඩ කථා..........

      Delete
  16. ලස්සන පද පෙලක්..

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි දිනේශ්..........

      Delete
  17. හරිම ලස්සනයි.....
    බැරිද පිය පදවිය ගැනත් ලියන්න, මම ලගදි උතුම් පිය පදවිය ලබන්න යන්නේ.....

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි බ්ලොග් පොස්ට්............උත්සාහ කරල බලන්නම්කො.
      අපි ඔබට සුබ පතනවා!

      Delete
  18. පොඩි මෙන්ඩාට සුබම සුබ උපන් දිනයක් වේවා!!!!

    ReplyDelete
    Replies
    1. අද උදේම ඉසුරි නැන්දා ගැන කියලා දෙන්න වුනා..එයා කුරැට්ටොන්ගෙන් දන්නෙ අසංකවයි තුෂාරවයි..දැන් නැන්දවත් දන්නවා..

      ඉසුරිකා නැන්දේ
      ඔයා එවපු කවියේ ඉන්න බබා වගේ මම අම්මා ගල තුරැල් වෙලා හිටියා කියලා අම්මා කිව්වා..
      මට මේ සැරේ පරිසරයට 100. ගණිතයට 98යි, බුද්ධාගමට 98යි සිංහල 96යි.චිත්‍ර A.
      මම හවස කේක් කපනවා..
      නැන්දටයි කුරැටු මාමලටයි බුදු සරනයි..
      පොඩි මෙන්ඩා
      (ඌ කියන්න කියපු ටික මම එහමම කෙටුවේ)

      Delete
    2. ෂා පොඩි මෙන්ඩ පුතා ගොඩක් ලකුණු අරගෙනනෙ. හරිම හොඳයි.පුතා හැමදාම එහෙම ලකුණු ගන්න හොඳේ...........පුතාටත් බුදුසරණයි!!
      (පුතා අපිටත් එක්ක කේක් කන්නකො)

      Delete
  19. දැනෙන විධියට ලියල තියේනවා..

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි රාජපක්ශ......

      Delete
  20. මිනිසෙකුට ලදහැකි උතුම්ම පදවිය, පිය පදවිය කියන්නේ බෝනස් එකක්ලු ( සිංහල මහාචර්යවරයෙක් ) කියන්නේ...!

    ReplyDelete
    Replies
    1. තවත් ජීවිතයක් ලබා දීම. ඒක නෙමෙයි ඇයි දන්නෙ නෑ පිය පදවිය බෝනස් එකක් කියන්නෙ?

      Delete
  21. හිතට දැනුන කවි පන්තියක්. විශේෂයෙන් මවු සෙනෙහස කියන එක ගැන වැඩි වැටහීමක් නැති මට..

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි අඟහරුවො,.....
      මටත් අත්දැකීමෙන් නම් ලැබුණු වැටහීමක් නෙමෙයි. මෙහෙම වෙන්නැති කියල හිතුනා,මව් පදවිය ලබපු කාන්තාවකගෙ සිතුවිලි.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  22. හරිම ලස්සනයි ඉසුරිකා...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ඉස්තූතියි සජ්ජා..........

      Delete
  23. අම්මා ගැන පබැදුම ලස්සනයි ඉසුරි.
    බුදුගුන වගේම මව්ගුනත් අනන්තයි.

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි මනෝ........
      අම්මගෙ ගුණත් කියල නිම කරන්න බෑ තමයි...

      Delete
  24. කවියක් නොව ගීතයක්. මවක් කියන්නෙම ගීතයක්. දරුවෙක් කියන්නෙත් ගීතයක්.

    ReplyDelete
    Replies
    1. ඔව් මධු මාධවී.......ඉස්තූතියි කොමෙන්ටුවට

      Delete
  25. නැන්දලා මාමලා හැමෝටම ගොඩක් ස්තුතියි..
    පොඩි මෙන්ඩා

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...