Wednesday, September 2, 2015

අෑ නැගිට එයි ඉඩ ලද සැනින්......


මදිරා පෙරෙන නෙත් සර තුළින්
හිත් රසෙන් පුරවා ලද සැනින්
සිල්ලරට විකිණුනු අත් දෙකෙන්
වත නැගෙන ඩා බිඳු පිසලමින්,
දුක් කඳුලු ඇහිපිය යට තියන්
ඈ හිඳී පෙම් ඇරයුම් අරන්…………………..

දොස් පරොස් ගල් කැට ඉවසමින්,
දිවි ගැහැට පරුවත උසුලමින්,
නිසයුරු සමග පෙම්වත් වෙමින්,
වීදිය කොනේ ඇත මග බලන්………………………….

ලෝකය යදින ලොව පුද දෙමින්
තව ලොවක් තනමින් සෙනෙහසින්
ඈ නැගිට එයි ඉඩ ලද සැනින්
ජීවිතේ මඩ තැවරුනු තැනින්……………………
                                                      


ඉසුරිකා


.

80 comments:

  1. දයාර්ද බැල්මක්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශකයා.....

      Delete
  2. නියමයි.

    Praසන්ன

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රසන්න

      Delete
  3. https://www.linkedin.com/pulse/half-day-diet-review-free-pdf-download-jenny-james

    https://sites.google.com/site/thehalfdaydietreview/

    The Half Day Diet Review


    Strong advocates of Big Pharma medicine have a somewhat disdainful regard for homeopathy and its practitioners. The long dark and disdainful history of attack stems from opposing views between conventional medicine and homeopathy practitioners on how illness should be treated...

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. http://www.linkedin.com/pulse/half-day-diet-review-free-pdf-download-jenny-james


    http://sites.google.com/site/thehalfdaydietreview/


    http://nytransguide.org/the-half-day-diet-plan-review/


    Throughout life we all seem to pick up some bad habits here and there. The problem is that if we don't recognize them they will trip us up, especially when it comes to weight loss. If you want to burn fat and not gain it then we need to identify behaviors that are stopping us from losing weight. So to lose weight stop making these mistakes!

    ReplyDelete
    Replies
    1. Wow.............

      Whts this..............???? No idea......

      Delete
  6. http://gr8marketingideas.com/forex-precog-software-review/


    http://quantumvisionsystemreview.com/forex-precog-review-free-system-download/

    The delusion conceptually propounds that intraweek and intraday FOREX currency quotes movement is governed by either improvement or by deterioration of the state's economic situation. But in reality, even in case the actual Forex news are superior to the estimated one, the FOREX quotes up-down movement is of 50-50 probability.

    ReplyDelete
  7. Oh...................... my god....

    නිමෝ................. ඔබ කොහිද?????? නිමෝ මොකක්ද මේ අදාල නැති කමෙන්ට්ස් ඒන්නේ....... උදව් උදව් උදව්...............

    තුෂාර...

    ReplyDelete
    Replies
    1. අපිපට සිරි දැන් ෆොරීන් කොමෙන්ට්ස් එන්නෙ ඈ... :D

      Delete
    2. මා මේ දකින්නේ සවප්නයක්ද නැ්නම් සිහිනයක්ද??
      ...හරියට "සඳ තනියට චන්ද්‍රයා අැවිත් වගේ"

      Delete
    3. මේ ඇඩ් ටික ඩිලීට් ෆෝ එවර් කරලා දාන්න ඉසුරිකා.

      Delete
    4. ඒවා ඩිලීට් කරත් විදානයා කියලා තියෙන හදේ කතාව ඩිලීට් කරන්න පුළුවන් යෑ...... දැන් කවුද හද....???? කවුද චන්ද්‍රයා.... ඒතකොට අපි තරුද????????

      තුෂාර

      Delete
    5. ඔය විදානය හඳ කිට්ටුවට ගිහිල්ල ඉන්න වෙලාවක දාපු කොමෙන්ට් එකක්.

      Delete
    6. ඔව් ඔව් ප්‍රසන්න.........

      මේකා දවල් වෙද්දි ඔෆිස් ඒකෙන් පැනලා ගෙදර යනවා.... දවල්ට කන්නෙත් ගෙදර ගිහිල්ලා.... විදානි ෆුල් සද්දේ දානවා අැති.... ඒ වෙලාවක ද දන්නෑ ලිව්වේ....

      තුෂාර

      Delete
    7. ඔය ස්පෑම් කොමෙන්ට් වගයක් බං. ඇඩ් ටිකක් දාලා තීන්නේ. බය වෙන්න කාරී නෑ.

      Delete
    8. ඒහෙනම් කමක් නැහැ නිමෝ............... ටිකක් බය වුණා... අමාරුවෙන් ගොඩනගා ගත්තු දේ නෙවැ.....

      තුෂාර

      Delete
  8. //ඈ නැගිට එයි ඉඩ ලද සැනින්
    ජීවිතේ මඩ තැවරුනු තැනින්//

    අපුරුම පද ගැලපුමක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලීන් අයියා

      Delete
  9. තවත් එක් කෝනෙකින් දයාබර බැල්මක්
    ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ වචන වලින් දෙන සහයට

      Delete
  10. ඈ නැගිට එන්නේ කෙසේද කුරුටු ඉසුරිකා. ඇයට යලි නැගිටින්නට අද සමාජය ඉඩක් නොදෙනු ඇත. කිසිදාක ඉඩක් නොදෙනු ඇත. නමුත් කෙදිනක හෝ ඇය යලි නැගිට මඩ ගොහොරුවේ මඩ සෝදාගෙන රජකම් නැතත් මිනිසත්කමින් පිරිපුන් කතක් ලෙස අපට දකින්නට හැකිවේවා.

    හරිම ලස්සනයි. අදහස, පද ගැලපීම විශිෂ්ටයි.

    ReplyDelete
    Replies
    1. අැත්ත අහස්.......... සමාජය බලන විදිහ මුලින් ම වෙනස් කරගත යුතුයි... ඒත් සමාජය ඊට සූදානම්ද කියලා ගැටලුවක් තියෙනවා තමා.... නැද්ද අද ලස්සන ගීතයක් ඒහෙම

      Delete
    2. මේක කියවපුගමන් එකපාරටම දැනුනු දේ කොමෙන්ට් කලා. ගීතයක් මතක් කරලා දාන්නම්කො.

      Delete
    3. සින්දු ඔ්වාට තරහා වෙන්නෑ....

      Delete
    4. සින්දුවා තරහා නැත්නම් මෙන්න සින්දුවක් හොයාගෙන ආවා.

      සැන්දෑවේ රන් වලා
      සයුරේ ගිලී පාවෙලා
      අඳුරේ පහන් දැල්වෙනා මොහොතේ
      ඔබ ඇයි මග තනිවෙලා//

      හඳුනන්න බැරි වෙන්න සෙවනක් යටින්
      ඔබ ඉන්නෙ කවුරුන්ද එනකල් ඉතින්
      මේ රෑ ගෙවී නැවත හෙට වූ දිනේ
      සැනසුම් සුසුම් ඒවිනම්//

      කවුරුන් නිසාදෝ ඔබේ ජීවිතේ
      ගෙවන්නේ මෙසේ මහා රෑ මාවතේ
      වරදක් සිතන්නාවූ මිනිසුන් කෙරේ
      දෙවියන් කමා කල මැනේ.//

      ගායනය මිල්ටන් මල්ලවාරච්චි
      රචනය සහ සංගීතය ක්ලැරන්ස් විජයවර්දන

      Delete
    5. ලස්සන ගීතයක් අහස්............... මොනවා වුණත් මිල්ටන් ක්ලැරන්ස් කියන්නේ ගැලපෙන සුසංයෝගයක්....

      තුෂාර

      Delete
  11. හිත් කකියවන පබැඳුමක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගුණසිංහ මහතා........ නිතර මේ පැත්තට ඒනවාට සහ අපිට දක්වන සහයට

      Delete
  12. එල ද බ්‍රා
    කෝ මේ තුෂාරයයි අසංකයයි?

    ReplyDelete
    Replies
    1. ඒ දෙන්නා පැන්නුවා..... අැයි හැමෝම බනිනවානේ...

      Delete
  13. ගියසැරේ පිලිතුරේ කමෙන්ටුවේ “මෙන්ඩා“ ආමන්ත්‍රනය ආදරනියයි..

    ReplyDelete
    Replies
    1. හා මෙන්ඩෝ..................

      Delete
    2. ඉසුරිකා,
      මේ මෙන්ඩාගේ කමෙන්ටුවේ යම් කිසි හැංකි පැංකි ගතියක් දැනේ.

      Delete
    3. නෑ..මචංලා උඔලා දකිනවට වඩා දුක්බර කතාවක් තියනවා “මෙන්ඩා“ කියන නමේ
      මට තාත්තාගෙන් කියලා තියෙන්නෙ මේ නම විතරයි..
      තාත්තාගෙන් කියලා කිසිම නෑදෑයෙක්වත් අබමල් රේනුවක දෙයක්වත් නෑ..
      අඩුම තරමේ මගේ පරම්පාරාවෙම විද්‍යලය වුන රාඡකියේ ඉගෙන ගන්න අවස්තාවත් අහිමි වුනා..

      Delete
    4. ඒ දුක හිතෙන කතා කියන්න ඒපා බං.... අපි ඔය බනින්නේ බොරුවට.....

      තුෂාර

      Delete
    5. සමාවෙයං මෙන්ඩෝ...

      Delete
  14. තුති වේවා සගයිනි..................ආයෙත් කිව්වා,
    කවි ලියන්න හිතෙන්නෙත් මේ වගේ සහෘදයන් පිරිසක් ඉන්නකොට තමයි

    ReplyDelete
  15. ලස්සනයි අදහස..

    මඩගොහුරු වලින් නැගිටලා එන්න හැදුවට ආයෙම එතනට තල්ලු කරන සමාජයක් මේක..

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි දිනේෂ්.....

      Delete
  16. ඉතිං බං ඔය වගේ කවි ලිව්වම හෝ ගාලා එන එක අහන්න දෙයක්යැ. හැක්

    /ඈ නැගිට එයි ඉඩ ලද සැනින්
    ජීවිතේ මඩ තැවරුනු තැනින්//

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තූති අගය කිරීමට..

      Delete
  17. හී ලස්සනයි කුරුට්ටෝ.....

    වළලු දාපු අතක් ගැවුනොත් ඉතින් ලස්සනයි සුන්දරයි තමා

    ReplyDelete
    Replies
    1. තොටත් ඉතිං ගෑණු පරාණයක් කිව්වොත්...තූහ් විතරක්...ඉසුරි නගෝ...ගොනා හැරෙන්නේ පොල් පැලේට...පොරවේසමින්...හැහ්...

      අසංක

      Delete
    2. ආ...අයියත් ආවද? දැන් කට්ටියට කාන්සියක් නැති වෙයි.

      Delete
  18. පිරිමින්ගේ පාප කඳට
    දෝස විඳින ළඳුනේ
    අඳුරේ පව් කරන දනා
    එළියේ රවන ළඳුනේ
    ලැම පමණක් ලොවට පෙනෙන
    ලය නොපෙනෙන ළඳුනේ.

    අගෙයි ඉසුරිකා..:)

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි මනෝජ්..

      Delete
  19. ඉසුරිකා ගේම් එකට බැස්ස විතරයි.. කඩු කොමෙන්ට් සට සට ගාලා..
    ඒව්වා කියවන්න ගිහිං කියෝපු කයියත් මතක නැති උනා..
    .....
    අගෙයි ඉසුරිකා..
    (හැමදාම මේ වගේ කවි ලියල දාන්න දැලිපිහිය වඳුරන්ට නොදී - හැක් හැක්)

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ඉස්තූති.. ඒත් ඉතින් ඒ මගේ ජේෂ්ඨ උත්තමයොනෙ..........

      Delete
    2. දැලි පිහියෙන් ඉස්සෙල්ලම කපන්නෙ තෝව...පල් විදානයා...හැහ්...හැහ්...

      අසංක

      Delete
    3. අා............... හිටහංකෝ........... වෙල් විදානේ......

      උඹලාට ගෑණු ළමයෙක් දැක්කා ම මෙච්චර කල් ඒකට හිටිය අපි දෙන්නා නිකං නවදැලි හේනක දෑව වැදිරි රුව වගේ වුණා නේද,????

      අා................ ඉසුරිකාට ම කියලා කවි ලියා ගනිල්ලාකෝ.....

      මෙන්ඩා උඹත් අහුවෙයංකෝ....

      තුෂාර

      Delete
  20. ඔන්න කියවලා යන්න ආවා.දිගු අදහසක් පලකරන්න නමි වෙලාව මදි

    ReplyDelete
    Replies
    1. ඉස්තූති.. ඉස්තූති..

      Delete
  21. හැමෝම මෙහෙම හිතනවනම්..

    ReplyDelete
    Replies
    1. ඔව්, ඔව් ඒක ඇත්ත මනෝෂ්

      Delete
  22. නැගිටපන් ඉඩ ලද සැනින්
    ජීවිතේ මඩ තැවරුනු තැනින්
    යළි නොයෙන්නම මඩ ගොඩට....

    ඉසුරිකා නිසා ගී පවුරෙ අගය තවත් වැඩිවෙලා
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ඉහල අගය කිරීමක්.. ඉස්තූතී වර්ණ

      Delete
  23. නිවී හැනහිල්ලේ බලනකොට විතරක් පෙනෙන දෙයක්... හරිම අපූරුයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි ගස් ලබ්බෝ..........

      Delete
  24. Replies
    1. ඉස්තුතියි කොමෙන්ටුවට..ඉවාන්

      Delete
  25. //සිල්ලරට විකිණුනු අත් දෙකෙන්-වත නැගෙන ඩා බිඳු පිසලමින්// ++++++++

    ඉසුරිකා කොහෙද අප්පා මෙච්චරකල් හිටියේ අර බුම්මට්ටො දෙන්නට මේකෙ පිණුං ගහංට දීලා.

    ReplyDelete
    Replies
    1. වුන් දෙන්නා දැන් ලන්ඩන් හංදියේ ඇල්බට් අංකල් එක්ක කඩයක් දාලා

      Delete
    2. ඔව් උඹේ බඩු ගෙනෙන් ඒකේ දාලා විකුණන්න....

      තුෂාර

      Delete
    3. මේ මොකක්ද මෙයාලට වෙලා තියෙන්නේ???

      Delete
    4. මෙන්න පළමුවෙනි එකා තමන් බුම්මට්ටා බව පිළි අරගෙන...හැක් හැක්

      Delete
    5. ඒ මොකාද බං බුම්මට්ටා කියන්නේ.... මොකක්ද බං ඒ වචනේ තේරුම.... මොකක්ද බං ඒ භාෂාව.... සිංහලද?????

      Delete
  26. //ඈ නැගිට එයි ඉඩ ලද සැනින්
    ජීවිතේ මඩ තැවරුනු තැනින්……………………//

    හරිම අපුරු පද පෙළක්..කියාගන්න බැරි හැඟීම් ගොඩක් හරි ලස්සනට මේ වචන ඇතුලේ රඳවලා තියනවා!

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි සංකල්පනී......

      Delete
  27. සෝ සෙන්සිටිව් ඈ ;)

    ReplyDelete
    Replies
    1. ඉස්තුතියි කොමෙන්ටුවට..dilini

      Delete
  28. // ඈ නැගිට එයි ඉඩ ලද සැනින්
    ජීවිතේ මඩ තැවරුනු තැනින්//
    නැගිටින්න වෙර දරන හැම වෙලේම ආපහු මඩටම ඔබන්න දඟලන සමාජෙක මඩෙන් ගොඩට එන එකනම් සිහිනයක්ම විතරයි නේද..?

    ReplyDelete
    Replies
    1. ඒකනං එහෙම තමයි. ගොඩ එන එක ලේසි නෑ..
      ඒත් සිහිනයක්ම වෙන්නෙත් නෑ try කලොත්

      Delete

Related Posts Plugin for WordPress, Blogger...