Thursday, May 14, 2015

සර් පොඩ්ඩක් දූෂණ විමර්ශන එකට අැවිත් යනවද .....????



අපි යුද්ධෙ ඉවර කරා.
නෙම යුද්ධාධිකරණයට යන්න
නෙම තැනක අපි කරපු දේවල් කියන්න
බින්දුවක්වත් බය නැහැ.
නන්දිකඩාල් කලපුවෙන් 
ප්‍රභාකරන් අතුගාලා දාපු අපි කාටද බය........???

සර් පොඩ්ඩක් 
දූෂණ විමර්ශන එකට අැවිත් යනවද ?

අෑ මොනවා ....
බුදු අම්මෝ ...
මෙන්න මාව මරන්න ගෙනියනවෝ...
මාව බේරාගනියෝ......
අම්මෝ.............

අපි රට සංවර්ධනය කරා.
කන්න අදින්න නැතුව හිටපු ජනතාවට
කාර් වල හෙල්ලෙන්නැතුව යන්න 
අපි පාරවල් හැදුවා.
බිම වැටිලා හිටපු ජනතාවගේ 
දිවිය නැග්ගුව අපි කාටද බය .................????

සර් පොඩ්ඩක් 
දූෂණ විමර්ශන එකට අැවිත් යනවද ?

අෑ මොනවා ....
බුදු අම්මෝ ...
මෙන්න මට පපුවේ අමාරුවක් හැදුනෝ...
ගෙවන වාට්ටුවකට ගෙනියපියෝ...
අම්මෝ...........


කසුප් අනුරාධ


.

53 comments:

  1. හැම එකාගෙම කට විතරයි..

    ReplyDelete
    Replies
    1. මාමා දැන් කට්ටියගේ සද්ද නහර කපලා තියෙන්නේ

      Delete
  2. මෑත දිනවල කුරුටුගෙන් බිහිවූ වටිනාම කාලීන නිමැවුම !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සාරිකා.................. ලොකු හයියක් මේ වචන

      Delete
  3. මෙච්චර කරපු උන් මොකටෙයි බං දූෂණ විමර්ශන එකට එක්ක යන්නේ...පව් නැද්ද අප්පේ...හැක්...හැක්...

    අසංක

    ReplyDelete
    Replies
    1. අම්මපා අසංක අයියා...... පව් කියලත් හිතෙනවා

      Delete
  4. ජෙප්පනි ජෙප්පියනි.... සිරිකොත ටොයිලට් බ්ලොක් වෙලා, ටික්ක සුද්ද කරලා දෙනවද...

    එකෙන් ම සර්.... අති විශිශ්ටයි සර්!

    ReplyDelete
    Replies
    1. අා........... තාම මැසේජ් ඒක ඒන්නේ සරසටද????? තාම අප්ඩේට් වෙලා නැතුව අැති....

      Delete
  5. නිර්මානය එල ද බ්‍රා
    අපි පොඩි ළමයි..නොදන්න දේවල් වලට කට දාලා ගුටි කන්න බෑ

    ReplyDelete
    Replies
    1. දැන් ගහන්නෑනේ...... උස්සන්නෙත් නැහැ... අතුරුදහන් කරන්නෙත් නැහැ.... සර් දූෂණ විමර්ශන ඒකට පොඩ්ඩක් අැවිල්ල යනවද කියලා අහපු ගමන් කට්ටිය අතුරුදහන් වෙනවා ඉබේම..... ගහන්න දෙයක් නැහැ හොස්පිට්ල් යනවා තමන් ගානේ..... මේක කාටුන් ඒකක් වගේ මෙන්ඩා...

      Delete
  6. "අනේ හාමුදුරුවනේ මම ගෙනියන්න නං දෙන්න එපා" කියලයි දැං කියන්නෙ. අර වෙනද කියන හාමුදුරුවන්ට නෙවේ නඩුකාර හාමුදුරුවන්ට.

    ReplyDelete
    Replies
    1. +++++++++++++++
      හැක් හැක්

      Delete
    2. ඔව් ............ තවත් අාතල් වැඩ වෙනවා රාජ්.... අර තාත්තේ කිව්වා ම අල්ලපු ගෙදර පොර මලා වගේ සමහරුන්ට ඒන්න කිව්වා ම අනේ බුදු අම්මාේ අපිව මරන්න හදනවා කියලා වෙනමම කට්ටියක් කෑ ගහනවා.... ඒක ඊටත් වඩා අාතල් රාජ්

      Delete
  7. වීරයෝ රෝගියෝ

    ReplyDelete
  8. නියමයි, ඔහොමයන්.

    ReplyDelete
    Replies
    1. අපිට ද ලොක්කාට ද කිව්වේ....... ස්තූතියි ලලිත්

      Delete
  9. කටුක යථාර්ථය....

    ReplyDelete
    Replies
    1. උඹ ගොඩක් බිසී වගේ.....

      Delete
  10. මෙව්ව ජාත්‍යන්තර කුමන්ත්‍රණ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ...... අර හාමුදුරුවෝ කියන අලි ගැන කතාව වගේ..... ඒකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ලු..... මං ඊයේ රෑ අහගෙන අපේ ගෙදර බල්ලා නිදාගන්න තැනක් නැතුව හොයන ගමන් කියනවා මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියලා......

      Delete
  11. මීට පස්සෙ කිසිම ආණ්ඩුවක් රට සංවර්ධනය කරන එකක් නෑ. දූෂන නැති සංවර්ධනයක් නෑ. මේ පූර්වාදර්ශ මත ඊලඟ ආණ්ඩුව මේ ආන්ඩුවෙ අය හිරේදායි. ආණ්ඩුවක් පත්වුනහම කලින් ආන්ඩුවෙ අය හිරේ දාන සම්ප්‍රදායක් ඇති වෙයි. හොරා පොලිස් සෙල්ලම ඉදිරියට යයි. ගමක පාරක් හදන්ඩවත් කවුරුත් ඉදිරිපත් වෙන එකක් නෑ.
    එජාප ආණ්ඩු කරපු සංවර්ධන වැඩ වලත් හොරාකෑම් තිබුන. මැලේසියාවෙ ඇපල් වතු ගැනත් කතා වුනා. නමුත් ඒ කරපු වැඩ වල ප්‍රතිලාභ බලන්න . කවුරුත් ඒ දූෂන ගැන කතා කරන්නෙ නෑ . හැමෝම ප්‍රතිලාභ භුක්ති විදිනව.
    ගම් උදාව බලන්න. සොත්ති උපාලිල පැඩැලි ඇල්ලුව. ඒව ගැන කවුරුත් කතා නෑ. කතාව කරපු වැඩ ගැන. මේ පූර්වාදර්ශ ඒ කාලෙත් තිබ්බනම් මහවැලිය , ගම් උදාව ඔය මොකුත්ම නෑ .මාරයි

    හොරාකෑම කවදාවත් නැති කරන්න බෑ. ඒක නැති කරන එකම ක්‍රමය සංවර්ධනය නතර කිරීම. එතකොට කා අතින්වත් පිගන් බිදෙන්නෙ නෑ. කවුරුත් වැඩ කරන්නෙ නෑනෙ. හැමෝම හොරා පොලිස් සෙල්ලම්. අවුරුදු පහෙන් පහට හොරු යි පොලිස්කාරයොයි මාරුවෙනව. බලපුවම මේක ආතල් වැඩක් තමා.

    ReplyDelete
    Replies
    1. යකා..................

      ඔබ කියන කතාවේ තවත් පැත්තක් තියෙනවා... බැලූ බැල්මට මෙහෙම දයක් තියනවා තමා.. ඒත් යකා මේක ඒක විදිහකට වැඩ කරන අයගේ දූෂණ වංචා පාලනය කරන විදිහක්.... අනික් පැත්තට වැඩ නොකර අාණ්ඩුවක් පවතින්නෙත් නැති නිසා කොහොම හරි වැරදි නොකර වැඩ කරන්නත් වෙනවා.....

      මෙහෙමත් බලතඅැහැකි... දැන් බලන්න කවදාවත් රනිල් ගසා කෑවා කියලා කවුරුවත් කියනවා අහලා තියෙනවාද??? ඒ මිනිහා මොන වැරදි තිබුණත් ඒ දේ කරන්නෑ කියලා හැමෝම දන්නවා... අනික් පැත්තට දැන් ජනාධිපති බලන්නකෝ... ඉස්සරනම් හැමදාම ජනාධිපති කාටුන් ශිල්පීන්ගේ රූපයක් වෙලා හිටියාට දැන් කෙනා නොදාන තරම්නේ.... මේක දේශපාලනඥයා හදාගන්න ඔ්නේ දෙයක්..... මේ පාලනය කිරීමට රටකට අවශ්‍ය යකා... නැත්තම් හැමෝම අැස් කන් වහගෙන ඉදියි... ඒත් පළිගැනීම් නම් අනුමත කරන්න බැහැ... දැනටත් ඒක වෙනවා

      Delete
    2. යකෝ උඹෙන් අහපු ගොංම් ගොං කතාව.
      දූෂණයෙන් තොර (අවම) සංවර්ධනය වූ රටවල් ඕනෙතරම් තිබේ.

      Delete
    3. ම.ම
      හොරාකෑම කවදාවත් නැති කරන්න බෑ. ඒක නැති කරන එකම ක්‍රමය සංවර්ධනය නතර කිරීම. එතකොට කා අතින්වත් පිගන් බිදෙන්නෙ නෑ//

      යකෝ රාජ්‍ය සේවෙ නේද ඉන්නව කිව්වෙ? අපටත් ලැජ්ජයි!

      Delete
    4. ලෙඩා මැරුණත් බඩ සුද්ද වෙලා ඇති කියල සිංහල භාෂාවේ උපහැරණයක් තියෙන්නෙ මෙන්න මේ වගේ වැඩ වලටයි. පිඟන් කැඩෙන්නේ ඒවා නිරන්තරයෙන් හෝදන අයගෙන් මිස පිඟන් දෙස බලාගෙන ඉන්න අයගෙන් නම් නොවෙයි.

      සමරසේකර

      Delete
    5. W.M.K. Samarasekara,

      පිඟන් හෝදනකොට පිඟන් කැඩෙන බව සත්‍යයකි. එහෙත් පිඟන් කොපමණ කැඩුණද කම් නැත යන පරමාර්ථයෙන් පිඟන් සෝදන්නට එන්නවුන්ට මෙන්ම පිඟන් කැඩීමේ පරමාර්ථයෙන්ම පිඟන් සෝදන්නට එන්නවුන්ටද කිසිසේත් ඉඩ දිය යුතු නැත.

      එලෙසම කාර්යය අවසානයේ පිඟන් සියයකින් අනූවක්ම කැඩී ඇත්නම් එතැන කුමක් හෝ වරදක් ඇත. එලෙසම පිඟන් සේදීමේ කාර්යය ගරු සේවයක් නොව ඒ වෙනුවෙන් සෑහෙන පමණ වැටුපක් ගෙවා ඇත. එසේ හෙයින් කැඩුණු පිඟන් පිළිබඳව පිළිතුරු දීමට ඔවුන් සූදානම් විය යුතුය. පිඟන් සේදීමේදී කිසිදු අකටයුත්තක් සිදුනොවිමි නම් කලයුත්තේ හඬා වැළපීම සහ අළුත්කඩේ පසුපස සැඟවීම නොව නොබියව කරුණු ඉදිරිපත්කිරීමය.

      පලි- පිඟන් සෝදන කතා, කොළේ යන හරක් කොළේ කන කතා, මීයක් කඩන්නේ අත ලෙවකන්නට නොවේ යන කතා සියල්ලම පට්ට හොරුන්ට හිතූමතේ හොරකම් කිරීමට ලයිසන් දෙනු පිනිස මෝඩ ජහමනයා නිර්මාණය කොටගත් කතන්දර පමණි. ඉන් එහාට ගතයුත්තක් ඒවායේ කොහෙත්ම නැත.

      Delete
  12. මම මේ රටේ අයිතිකාරයා නෙවෙයි.. භාරකාරයා විතරයි.. දේයි දේයි දේයි.. මගේ ජනතාව වෙනුවෙන් විදුලි පුටු එකක නෙවෙයි හතක උනත් යන්න මම ලෑස්තියි හාමුදුරුවනේ.. දේයි දේයි දේයි..

    //සර් පොඩ්ඩක්
    දූෂණ විමර්ශන එකට අැවිත් යනවද ?//

    බුදු අම්මෝ මෙන්න රට බේරගත් නායකයව විදුලි පුටුවට ගෙනියන්න විදේශීය කුමන්ත්‍රණ.. හැක්.

    ReplyDelete
    Replies
    1. මේවා ඉතින් හිනායන ජාති තමා කමියා... ඒකයි ලියන්න හිතුවේ...

      Delete
  13. Replies
    1. පුදුමයි කියන්නේ....... පට්ට පුදුමයි

      Delete
  14. මේ සිදුවීම්වලින් අපට ගත හැකි ආදර්ශය වන්නේ පොර ටෝක් දීමේදී පරෙස්සම් විය යුතු බවයි. දුන් පොර ටෝක් එක ක්‍රියාත්මක කිරීමේදී එය ප්‍රායෝගිකව කළ නොහැකි බව දැනෙන්නේ නම් එසේ නොකළ යුතු බැව් මෙයින් ගම්‍ය වේ.

    ReplyDelete
    Replies
    1. නිරන්ජන්...................

      අැත්තම කතාව ඔ්ක තමයි.....

      Delete
  15. මේ වගේ වාර්ථා ලියලා උඹලගේ කවි හැකියාව මොට කර ගන්න එපා...

    ReplyDelete
    Replies
    1. උඹ හරි...... ඒත් සමහර දේවල් තියෙනවා මාතා කෙලින් ම කියන්න වෙන... අනික මාතා මේ අදහස හිතට අාපු වෙලාවේ මෙහෙමවත් කුරුටු ගා ගත්ත ඒක ලොකු දෙයක්....... ඒ තරම් හදිස්සියක් බං තිබුණේ......

      Delete
  16. Replies
    1. අනිවා..................... විභී

      Delete
  17. ලෝකය පෙරලෙයි කාලෙ ගෙවීයයි මරුවා ළඟා වෙනවා
    සිතුදේ නොමවෙයි නොසිතු දෙයක් වෙයි ලෝ දම් කැරකෙනවා

    ඕක මුන්ගේ පිටේ පච්චයක් කොටන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. අන්න කතාව................ සිතුදේ නොමවෙයි නොසිතු දෙයම වෙයි..... මේක ඉතින් හැමෝට ම පොදුයි කියලා කට්ටියම මතක තියාගත්තානම් ලොකු දෙයක්....

      Delete
  18. වචන කීපෙකින් ලොකු කතාවක් කියලා.
    බුදු අම්මෝ මෙන්න විදුලි පුටුවට ගෙනියන්න හදනෝ කියල තමා ඉස්සර කෑ ගැහුවෙ.

    ReplyDelete
    Replies
    1. මධාවී..................

      කට්ටිය අඩන විදිහ සහ හැංගෙන විදිහ දැක්කා ම දුකත් හිතෙනවා අැත්තට ම ........

      Delete
  19. මම විදුලි පුටුවට යන්න බය නෑ හාන්දුවනේ කිව්ව කෙනා දුෂණ විමර්ෂණ එකට යන්න බයේ විහාර ගානෙ ගිහිං මර ලතෝනි තියනවා. පු_කෙනුත් හිනා :D.

    ReplyDelete
    Replies
    1. මෙව්වා විකාර මනා................. අයියලා මල්ලිකෝ කොච්චර පොර ටෝක් දුන්නත් හෙණ අහිංසක චරිත කියලා දැන්නේ අපි දන්නේ....... ඒතකොට කවුද අැත්තට ම යුද්ධෙ ඉවර කරපු චන්ඩියා......

      Delete
    2. පව් ඕගොල්ලෝ කියන කතා . අපායේ යනවා ඕවට.
      http://nelumyaya.com/?p=2407

      Delete
    3. මේ සහයට ස්තූතියි අජිත් අයියා.........

      Delete
  20. මේ දෙන්නට විතරක් නෙමේ අනෙක් අයටත් මේ කවිය පොදුයි.

    ReplyDelete
    Replies
    1. ඔව් නව ලොව.... රූප දානවානම් ඉතින් හිටපු අමාත්‍ය මණ්ඩලයම දාන්න වෙනවා...

      Delete
  21. ගොට්ට යන්තමට ඔක්තෝබර් 6 ද කොහෙද වෙනකල් කූරු ගණින්ට වෙන එක නවත්ත ගත්ත. ඒ කරල රෙද්දකුත් ඇඳගෙනද මන්ද කියනව ලැජ්ජනැතුව අධිකරණය ස්වාධීනයි කියල.

    පලි - ශ්‍රේෂ්ඨාධිකරණයෙ ඒ තීන්දුව ගැන තියනව කුකුසක් හැබැයි...

    ReplyDelete
    Replies
    1. මෙතනදී අධිකරණ තීන්දුවත් වැරදියට කියවගන්නවා කට්ටිය... මේක ඒම පෙත්සම අහලා ඉවර වෙනකල් අත්අඩංගුවට ගන්න ඒපා කියන නියෝගය විතරයි.... නැතුව කවදාවත් ගන්න බැහැ කියලා මේකේ කියලා නැහැ...... අධිකරණය කියන දේවත් හරියට කියාගන්න කට්ටියට බැහැ...

      Delete
  22. නියමයි, කොටියට බය නැති අය සාක්කියක් දෙන්න යන්න බයයි..

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් පැහැදිලියිනේ කවුද යුද්ධය කරේ කියලා..... බය නැතුව යුද්ධය කරේ කවුද කියලා දැන් මේකෙන් ම තේරෙනවා....

      Delete
  23. බලය තියෙනකං ඔහොම තමා නැතිවෙච්චි දාට කණාමැදිරිියන්ටත් බයයි.....

    ReplyDelete
    Replies
    1. බලයේ ප්‍රතිවිපාක............

      Delete

Related Posts Plugin for WordPress, Blogger...