Friday, March 20, 2015

මාව අත්අඩංගුවට ගත්තොත් මහජන කැළඹීමක් අැති වෙනවා......



ලසන්න මැරුවා කියලා රටම දන්නවා
මහ දවල් මහ පාරේ යන ගමන්
වෙඩි තියලා මරලා දාලා තිබුණේ
කෝ මුකුත් ම වුණාද
ලසන්තම වෙඩි තියාගත්තා කියලත් කිව්වා
මහජනතාව කැළඹුණාද ................ මොන පිස්සුද...?

ක්නැලිගොඩ අතුරුදහන් කියලා රටම දන්නවා
පත්තරේට ලිය ලිය හිටපු ගමන්
උදේ ගිය මිනිහා හවස නෑ
කෝ මුකුත් ම වුණාද
පිටරටක හැංගිලා ඉන්නවා කියලත් කිව්වා
මහජනතාව කැළඹුණාද................. මොන පිස්සුද...?

ජෙනරාල්ගෙන් පළිගත්තා කියලා රටම දන්නවා
ඡන්දෙ තිබිලා ඉවර වුණ ගමන්
හොරෙක් වගේ හිරකරලා තිබුණේ
කෝ මුකුත් ම වුණාද
හොරකම් කරා ගසාකෑවා කියලත් කිව්වා
මහජනතාව කැළඹුණාද................. මොන පිස්සුද...?

සුදුවෑන් වලින් මිනිස්සු ඉස්සුවා කියලා රටම දන්නවා
උස්සන් ගියේ හිටපු ගමන්
විරුද්ධ වුණ මිනිහා හෙට නෑ
කෝ මුකුත් ම වුණාද
ඒ මිනිස්සු රට පැන්නා කියලත් කිව්වා
මහජනතාව කැළඹුණාද................. මොන පිස්සුද...?

කරපුවාට අැරස් කරලා මදි කියලා රටම දන්නවා
දැනටමත් වහන්න ප්ලෑන් කරන ගමන්
තව ච්චර දවසක් නෑ
කෝ මුකුත් ම වුණාද
ඔය වගේ ම තමයි වහලා දැම්මා කියලත්
මහජනතාව කැළඹෙයිද.................. මොන පිස්සුද...?



කසුප් අනුරාධ


.

47 comments:

  1. අත්තඩංගුවට ගත්තොත් රටම සැනසුම් සුසුම් හෙලනවා කසුප්.

    ReplyDelete
    Replies
    1. අනිවා මචං.......... මෙච්චර දේවල් බලාගෙන හිටපු අපේ මිනිස්සු මොකට කලබල වෙයිද????

      Delete
    2. රටම සැනසුම් සුසුම් හෙලනවා? අපි නම් නැහැ.අපි සැනසුම් සුසුම් හෙලුවේ ප්‍රභාකරන් මැරුණු දවසේ.

      රිචඩ් ද සොයිසා මැරුවා.ප්‍රේමකීර්ති මැරුවා,ඔව්,එක්නැලිගොඩත් මැරුවා. කොමිසමුත් නැහැ. සද්දත් නැහැ.

      එක්නැලිගොඩ මරුවා යහපාලනේ ඇමැත්තෙක්,මදිවාට පොර ටෝක් තුත් එකසිය ගානට.

      ගෝටාභය අතඩංගුවට ගත්තොත් රටේ කැළඹීමක් ඇති වෙනවාමයි, ඔබ කෑමති වුනත් අක්මැති වුනත්.

      Delete
    3. කිසිම කැලඹීමක් ඇතිවෙන්නෙ නෑ. ඔබවැනි කිහිප දෙනෙක් පාලුගෙයි වලං බිඳී, වීරවංසලා එක්ක. නීතිය කාටත් නීතිටම වියයුතුයි. අතීතයේ කවුරු කවුරුත් කල වැරදි, වර්ථමානනයත් වැරදි කිරීමට හෝ බේරී සිටීමට හේතුවක් නොවිය යුතුයි.

      Delete
    4. මෙහෙමයි ජේ...............

      ඒකාලේ කරපුවා රට ම දන්නවා.. අායෙම ඒකට අවස්ථාව දුන්නොත් අපි ඒවාට කැමති වුණා වෙනවා.. දැන් ඒවා බැහැ

      Delete
    5. මේ පෝස්ට් එකේ ඒක පාක්ෂික සොභාවය නිසා කොමෙන්ට් එකක් නොදමන්න සිතුනත් ආයෙම සිතුනා යමක් කියන්න. ගෝටාභයගේ ක්‍රියා ඔහුගේ රාජකාරියට සාපේක්ෂයි. ඔය ලසන්ත , එක්නැලිගොඩ වගෙ අය ගෙ ඉරණම ගැන නම් කණගාටුයි. ඇත්තෙන්ම ලසන්තල එක්නැලිගොඩල එල්ටීටීඊ මතවාදය වෙනුවෙන් නොබියව පෙනී සිටි අය. යුධ රහස් හෙළිකරමින් ඊළම වෙනුවෙන් මහ මෙහෙයක් කළ අය. ඊලාම් ශ්‍රී ලංකා සමගියට මහ මෙහෙයක් කළ අය.
      යුද්ධ කාලෙ සාමාන්‍ය නීතිය ප්‍රමාණවත් නොවුනා. ඇමරිකාවත් රහසිගත වධ කදවුරු පවත්වාගෙන යනව. යුද්ධ කාලවල යහපාලන සුරංගනා ලෝක මවන්න බැහැ.

      විජේවීර වැනි රෝගීන් රටට කළ හානියෙන් කෝටියෙන් එකක්වත් ගෝටා කර නැහැ. එසේම මේ රටේ බිහිවූ ම්ලේච්ඡම ආර්ක්ෂක ඇමති රන්ජන් විජේරත්න. ඒ කාලෙ බ්ලොග් තිබුනානම් ඒ අයට නිවනක් නැහැ.

      මේ යහපාලනය කියන එක අලුත් වචනයක් වුනාට ඒ වෙනුවෙන් පෙනී සිටින අය යූඇන්පී පවුල්වල අය.වෙන කිසිවෙක් යහපාලනය ගැන කතා කරන්නෙ නැහැ. යහපාලනය කියන්නෙ යූඇන්පී කියන අකුරු තුනේ අපකීර්තිමත් අතීතය සුදු කිරීමක්. ඔවුන් රන්ජන් ගේ ක්‍රියා අනුමත කරන අතරෙයි ගෝටට විරුද්ධ වෙන්නෙ.

      Delete
    6. යුද්ධය කරන්න වුනේ ජනතාවගෙන් ආසන්න වශයෙන් භාගයක් ඊට විරුද්ධ වෙද්දි .ඒ භාගය ප්‍රාර්ථනා කලේ කොටින්ගෙ ජයග්‍රහනය. කොටින් යම් අපරාධයක් කළොත් ඒ අය කීවේ කොටින් එසේ කරන්නේ හමුදාවේ අපරාධයකට පලිගැනීමක් ලෙස කියායි.
      යුද්ධයේ තීරණාත්මක මොහොතේදී ජවිපෙ අයවැය පරදවන්නත් මහා වැඩවර්ජනයකටත් සූදානම් වුනා. එක පැත්තකින් මාධ්‍ය නිදහස කියමින් හමුදාවේ චිත්ත ධෛර්ය බින්දුවට බස්සනවා. යුද්ධය දිනන්න බෑ කියන මතය එන්ජීඕ වලින් සංවිදානාත්මකව පතුරවනවා.

      ලංකාව කුඩා දුප්පත් රටක්. ඒ වගෙ රටක් යුද්ධෙ දිනපුවම ඊට දායක වූ කොටසක් තමන්ගෙ පැත්තට හරවා ගන්නවා කියන්නෙ අධිරාජ්‍යවාදීන්ට සුළු දෙයක්. දකුණු ඇමරිකාවේ හා ආසියාවේ කොමියුනිස්ට් ආණ්ඩුවලට එරෙහිව මෙවැනිම ක්‍රියාන්විතයන් දියත් වුනා.

      ලසන්තලට එක්ණැලිගොඩලට විතරයි ඔය මානව හිමිකම් තියෙන්නෙ . කොටින් අතින් මැරුන අයට මානව හිමිකම් නෑ. චනල් ෆෝ එකෙන් කියන්නෙත් ඒක. නිතරම සුළු ජාතීන්ගෙ පැත්ත ගන්නෙ බෙදා පාලනය කිරීමේ අධිරාජ්යවාදී සම්ප්‍රදාය නිසයි.
      ලංකාව ඉන්දියාවේ කොටසක් වුනානම් ඉන්දියන් හමුදාව ලංකාවේ යම් ක්‍රියාකාරකමක් කළොත් ඒකත් සමහරවිට නිව්ස් එකක් වෙයි.

      Delete
    7. මෙහෙමයි ම.ම

      ඒක්නැලිගොඩ අතුරුදහන් කරේ අාණ්ඩුව.... ලසන්ත මරපු ඒක පිටිපස්සෙත් හිටියේ ඒයාලා..... මේක අාණ්ඩුවක්... අපි රටක් රජයක්... ඉතින් ඒහෙම කරන්න නීත්‍යානුකූල රජයකට බැහැ... ඒත් කොටි කරපු වැඩ නීත්‍යානුකූල නැහැ.... ඔවුන්ට විරුද්ධව රටක් යුද්ධ කරේ ඒකයි.... ඒක වුණත් අපිට නීතිවිරෝධීව කරන්න බැහැ... මොකද අපි කොටි නෙමෙයි... අපි නීත්‍යානුකූල හමුදාවක් තියෙන රටක්..... ඒ වෙනස තේරුම් ගන්න උත්සහ කරන්න.... අපි ම්ලේච්ඡා ජාතියක් නෙමෙයි....

      Delete
    8. යහපාලනය ගැන කතා කරන හැමෝම හෘද සාක්ෂියෙන් අහල බලපුවම ඒ අය කතාකරන්නෙ එජාප පාලනයක් ගැන. යහපාලනය කියන්නෙ කඩතුරාවක්. ඔවුන් යුද්ධ කාලෙ හැසිරුන හැටි අපට මතකයි.ඔවුන් යුද්ධයේ පරාජය බලාපොරොත්තු වුනා. ගෝටාභයට පමනක් නොවෙයි සරත් ෆොන්සේකාටත් වෛර කළා . ඔවුන්ගෙ වීරයන් වුනේ තීපන් ස්වර්නම් වැනි කොටි නායකයන්.
      ප්‍රභාකරන් මල දා ඔය කියන යූඇන්පී අය හැසිරුනේ තමන්ගෙ ලඟම ඥාතිය මැරුණ වගෙ. ගෙයින් එළියට බැස්සෙත් හොඳටම දවල් වුනාට පස්සෙ.
      හැබැයි ෆොන්සේක පොදු අපේක්ෂකය වුනාට පස්සෙ ෆොන්සේකනෙ යුද්දෙ කළේ කියල යුද්දෙ දිනපු එක හොඳයි කිව්ව.

      දැන් මට කියයි මාත් ලේ මාපිලෙක් කියල. මම නම් යුද්දෙට පක්ෂයි. හේතුව එල්ටීටී ඊ එකෙන් කළේ සාධාරණ සටනක් නොවූ නිසයි. ඔවුන්ගෙ නිජබිම් කතාව දකුණු ඉන්දියාවට අදාල කරගත්තානම් වරදක් නෑ.

      අපි ම්ලේච්ඡ ජාතියක් නොවේ කියා කෝටියක් සංවර ශීලය රකිමින් යුද්ධ කරන්න කියා කරන නිර්දේශයේ වරදක් නෑ. ඒත් ඒක ත්‍රස්තවාදීන්ට අපරාධ කිරීමට බලපත්‍ර දීමක්.
      ආරක්ෂක අංශවල එජාප අයත් තම පංතියේ පක්ෂය වන එජාපයට බාධාවක් ( එකළ ) වූ නිසා ජවිපෙ ත්‍රස්තවදීන් ලෙස සැළකුවත් කොටින්ට අනුකම්පා කලා. යුද්දෙ දිගට ඇදුනෙත් ඒකයි. කොබ්බෑකඩුව වැනි එජාප නොවන අය යුද්ධ කරද්දි එජාප අය හිනාවුනාලු.

      Delete
    9. ඔබ දේශපාලනය මත යුද්ධය කරාද නැද්ද කියන ඒක තීරණය කරන්න උත්සහ කරනවා.... ඒත් හමුදාපති කෙනකුට හෝ හමුදාවේ ඉහළ නිලධාරීයෙකුට තනියම තීරණය කරලා යුද්ධ කරන්න හෝ නොකර ඉන්න බැහැ... ඒක තීරණය කරන්නේ රජය... හමුදාවට තියෙන්නේ අණ පිළිපදින්න විතරයි.. තීරණ ගැනීමක් ඔවුන්ට අදාල නැහැ..... ඉතින් හොදම උදාහරණය තමයි අද ෆීල්ඩ්මාෂල් අදින කෙනා....

      මෙහෙමයි ම.ම.... අපි ම්ලෝච්ඡ ජාතියක් නෙමෙයි කිව්වෙ අපිට බැහැ ත්‍රස්තවාදීන් විදිහට යුද්ධ කරන්න.. ඒහෙම කරා නම් මේ යුද්ධය ගොඩ කාලයකට කලින් ඉවර වෙනවා.. ඒත් අහිංසක මිනිස්සු ලක්ෂ ගානක් වැඩිපුර මැරෙනවා.... අදාල නැති මිනිස්සු බොහොමයක් මැරෙනවා... ඒකයි අපි ලෝකය විදිහට කරපු යුද්ධ වල අත්දැකීම් වලින් ජාත්‍යන්තර මානුෂීය නීතිය කියලා ඒකක් හදාගත්තේ...... ඒක ත්‍රස්තවාදීන්ට අදාල නැහැ තමයි... ඒත් අපිට ඒක මගහරින්න බැහැ... මගහැරියොත් ඊළගට ඒන ජාත්‍යන්තර ප්‍රශ්ණ කිරීම් වලදී අපිත් ත්‍රස්තවාදීන් විදිහට සලකනවා.... අද වෙනකොට මෙහෙම හරි රැකිලා ඉන්නේ ඒකයි... මේ දේවල් තේරුම් නොගෙන කෑ ගහන ඒකෙන් වෙන්නේ රට අනතුරට පත්වීමයි.....

      ඒ වෙලාවේ විපක්ෂය ගැන අපි කතා කරද්දි ටිකක් හිතලා බලන්න ඔ්නේ...... ඒ වෙලාවේ විපක්ෂය සන්ධානය වුණොත් ඒයාලත් ඔ්වා කියයි.. තව තවත් දේවල් කියයි.... ඒවා දේශපාලනික කතා.. ඒවා අල්ලං කරන්න පුළුවන් දෙයක් නැහැ ම.ම..... අපි ඊට ඒහා දකින්න ඔ්නේ ... නැත්තං අපි අන්ධ වෙනවා

      Delete
  2. මුන් තවමත් ගොන්නුන්ට තගරිය දානවා... ආන්ඩුව පිස්සු කෙලිනවා..

    මුන්ව අත් අඩංගුවට ගන්නවට නෙමෙයි රටම කැළඹෙන්නෙ, හෙට අනිද්දටම මිනිස්සු කැළඹෙන්නේ මුන්ව අත් අඩංගුවට නොගන්නවට...

    ReplyDelete
    Replies
    1. අන්න මාතලං කතාව.......... යකෝ දැන් කලින් කෑ ගහපු විදිහට මං හිතුවේ ඊළග දවසෙම වහයි කියලා...... දැන් බැලුවාම කාටවත් හදිස්සියක් නෑනේ මචං..... මෙහෙම ගියොත් නම් කැලඹෙයි තමයි

      Delete
  3. සංවර්ධනයෙන් ගහපුව සේරම රටම දන්නවා
    ඒ සල්ලි කොහේදැයි කියලා ඒත් දන්නවා
    ඒ වුනාට බුකිය පුරා වැඳුම් පිදුම්
    තව එච්චර දවසක් නෑ
    කෝ මුකුත් ම වුණාද
    ඔය වගේ ම තමයි ඒවා හොයා ගත්තත්
    මහජනතාව කැළඹෙයිද.................. මොන පිස්සුද...?

    ReplyDelete
  4. අපි එළුවගෙ මල්ල වැටෙනකල් බලං හිටි නරිය වගෙ බලං ඉම්මු..

    ReplyDelete
    Replies
    1. ඉම්මු ඉම්මු............. දවස් සීය පැනලා අපිටත් සීය පණිනකම් බලං ඉම්මු.....

      Delete
  5. ඔව් ඔව් මහජන කැළඹීමක් ඇතිවෙනවා. ඉක්මනට නඩු අහලා මේකා හිරේ දමනු කියලා.

    ReplyDelete
    Replies
    1. සැක්... විචාරක සර් මට කලිං යහ පාලන තීන්දුවක් දීලනේ.. ඕන් මං එහෙනම් අර ආයුධ පෙන්නන්න යන කෑල්ල ඉල්ලා අස්සේ ගහ ගන්නවා...

      Delete
    2. අම්මට සිරි අායුධ පෙන්නන්නත් ගෙනියනවැයි

      Delete
  6. ඔව් ඔව්.. මහජනතාව කැළඹෙනවා.. අතඩංගුවට අරං අම්මට හැ#%$^&^$% ඉක්මණට ආයුධ පෙන්නන්න එක්කරං යන්නෙ නැතුව කියලා..

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි ඒක ලියන්න බැරි වුණානේ... ලොක්කා බය අැත්තේ අත්අඩංගුවට අරං අායුධ පෙන්නන්න ගෙනියයි කියලාද දන්නෑ

      Delete
  7. ඔහේ පලයන්.......

    ReplyDelete
  8. අත් අඩංගුවට ගත්තෝත් දේශපාලන පලි ගැනිම් කියනවානේ..
    කයිය පද බැදලා එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි මෙන්ඩා බ්‍රා

      Delete
  9. ඇති වෙනවා, කැළඹීමක් ඇතිවෙනවා, ඔහේ මොකක් කිව්වත් කැළඹීමක් ඇති වෙනවාමයි....රිදුනුවුන්ගේ සිත් කැළඹීමක්, සුසුම් කැළඹීමක්, සතුටු කැළඹීමක් ඇතිවෙන්නැද්ද​ මං අහන්නේ? මොන පිස්සුද​?

    ReplyDelete
    Replies
    1. ඒක හරි උම්මත්තක සහෝ

      Delete
  10. මේ පිටුවේ කමෙන්ට් කරන්නේ යහපාලනයට හෝය්යා කියන අය විතරක් වගේ පෙනේ.මම ආපු එක වරදක්ද මන්දා?

    ReplyDelete
    Replies
    1. මම මෙතන ඔබට උත්තර දෙන එක කොයි තරම් නිවැරදිද දන්නේ නැහැ.මොකද මේ පිටුව කරන්නේ මම නොවන නිසා.නමුත් ඔබ හිතන විදියට මෙතැන ඔබේ අදහස් දැක්වීමේ වරදක් මම දකින්නේ නැහැ.
      අපි හැමෝටම තමන්ගේ මතයක් තියෙනවා.එක තවත් කෙනෙක් පිළිගන්නත් පුළුවන්,නොපිළිගන්නත් පුළුවන්.මතය ඉදිරපත් කිරීමයි වැදගත්.
      ගෝඨා ගැන නම් මගේ එදා ඉඳන්ම ලොකු විවේචනයක් තියෙනවා.

      Delete
    2. මනෝජ් ඔක්කොම කියලා තියෙනවා...... ඒකයි අැත්ත......

      තව පොඩි දෙයක් කියනවානම් අපි කාටවත් අවඩන්නෑ.. කාවවත් රකින්නෑ.. රැකලා අපිට ලැබෙන දේකුත් නැහැ... හරි දේ වෙනුවෙන් විතරක් පෙනී හිටිනවා.... ඔබේ පැමිණීමේ අපි කිසිම වැරැද්දක් දකින්නෑ... අනික ඔබේ අදහස් කියන්න කිසිසේත්ම අපි බාධා කරන්නෑ..... ඒක ඔබේ අයිතිය.. ඔබේ දැක්ම... අපි ඒක කැමැත්තෙන් පිළිගන්නවා

      Delete
    3. හැමදෙනාටම වගේ නිල් කැටේට පැහැදිලිව පේන යථාර්ථය නොපෙනෙන ලක්ෂ පනස් ගානක් හිටයනේ. ඒකයි මේ අවුල. දැන් නම් ඒ පනස් අටෙන් විසි අටක් වගේ ඉන්නෙ. ඒක ඉතින් මේ පිටුවෙ නෙවෙයි කොයි බ්ලොග් පිටුවෙනුත් සීයට එකක් වගේ ප්‍රමාණයක්. ඒ නිසා අවුල් ගන්නෙපා, ඔබ ඔබේ මතය ප්‍රකාශ කරන්න.

      Delete
    4. වටිනා උපදේශයක්............. උඹ ඒතැන වැඩ කරන්නේ උපදේශකයෙක් විදිහට දෑ.................

      Delete
  11. ගෝටාබය කියන්නේ කවුද?

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. හිටපු යෝධයෙක්................ හිටපු හරිද?????

      Delete
  12. ලැබියයුතු දෙයට ගෞරවය ලැබෙන්න ඕන වගේම කරපු වරදට දඬුවමුත් ලැබෙන්න ඕනේ.ඒක එහෙම නොවුනොත් එතන අවුලක්.ඒ දේවල් ලැබෙන්න ඕන තරමට වඩා ලැබුනොත් එතනත් අවුලක්.ඒත් ලොකුම අවුල තියෙන්න බලය ලැබුනට පස්සේ ඔය යථාර්තයය පේන්නේ නැති එකයි.ඒක ආශ්චර්යයට වගේම යහපාළනයටත් පොදු දෙයක් වෙලා.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි කසුට්ටා අපිත් කියන්නේ.. වැරැද්ද කවුරු කරත් දඩුවම් ලැබිය යුතුයි... රාජිත අැමතිතුමා පුතා අවුරුදු 16 ක කෙල්ලෙක් උස්සං අාපු ඒක නිවැරදියි කියනවා නම් වැරදියි.... ඒක නීතියට අනුව නිවැරදි කරගත්තත් අපි ඒක හෙළා දකිනවා

      Delete
  13. මිනිස්සු කැළඹේන එකක් නෑ.. කට්ටිය එකතු වෙලා කළඹන්න උත්සාහ කරනවා..

    ReplyDelete
    Replies
    1. ඒක හරි............ අන්තිමට බැලුවාම ඒකතු වුණ ඒකෙකුත් නැහැ

      Delete
  14. ඒ වුණත් හාල් මැස්සන්ම විතරක්
    අපි අල්ලනවා....
    තෝරු මෝරුන්ට
    වීස දීල යන්න කියනවා
    ඕයේ

    ReplyDelete
    Replies
    1. ඒකත් අැත්ත මහේෂ්...........

      Delete
  15. මෙහෙනම් පොඩි කැලබිල්ලක් වෙන්න ඉඩ තියෙනවා මොකද ඉන්වෙස්ට් කරලා තියෙන කොම්පැනි කාරයෝ අප්සට් යනවනේ

    ReplyDelete
    Replies
    1. ඒක හරි............ ඒයාලා සලකලත් අැතිනේ කට්ටියට..........

      Delete

Related Posts Plugin for WordPress, Blogger...