Sunday, August 24, 2014

විශ්වාසය... ආදරය...



















ඔබට මා  පෙම් කළ තරම්
ඉර හඳ පවා දන්නවා වුව
ඒ ඉර හඳම යට අපට
එක් වන්නට ද නොහැක අද ... 


ඔබෙන් සිදුවූ වරදකින්
එයින් මතුවූ කඳුලකින්
හැකි වූවේ නම් සැඟවෙන්නට
තිබුණා නොවෙද එක්වන්නට අපට ...
 


සිහිනයක සුවඳ සේ
රැඳී උන්නද සිත කොනක
හැකිද සැනසෙනු අපට අද
මැවූ මාලිග අතර හිඳ ...
 

සයුරට නදිය මිස
නොම ගලයි සයුර නදිය වෙත
මා සයුරක් වී නම් ගලනා නදිය වෙත
තිබුණා නොවෙද එක්වන්නට අපට ...



අසංක ගයාන් අබේසිංහ

43 comments:

  1. ඉස්සර දවසක
    ගගට දෑල සේ
    මලට නටුව සේ
    ළගින් උන් නුඹ
    ගියපු දා දුර
    රැදුණ දුක
    බොදවුණේ මෙලෙස
    පත්ඉරු අතර....


    සංවේදී කවියක් අසංක... ඇත්තටම අපූරුයි... මටත් යමක් මතක් වුණා...
    ලස්සනයි...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මහේෂ්ට හරිම සංවේදී විදිහට අනෙක් අයට අදහස් සන්නිවේදනය කරන්න පුළුවන් බව මේ කවියෙනුත් පේනවා...ඇත්තටම හරිම ලස්සනයි...බලාගෙන යද්දී මේ හැමදෙයක්ම හුඟක් තාවකාලික දෙයක්ද කියලත් හිතෙනවා...ආදරය, විශ්වාසය, රැකවරණය මේ...පේන විදිහට ඔබේ කවියත් එක්ක ඔබටත් යම් අත්දැකීමක් තියනවා වගේ...මගේ කවියත් යම් ඇසූ දුටු සත්‍ය සිදුවීමක් පදනම් වූ දෙයක්....

      Delete
  2. දෙදෙනාටම කැප කිරීම කරන්නට සිද්ධ වෙනවා . නදිය සයුර වෙත හෝ සයුර නදිය වෙත ගලන්නම ඕන පවතින්න නම ආදරය

    ReplyDelete
    Replies
    1. ඒක සම්පූර්ණ ඇත්ත ඉවාන්...ඒත් ගලන්න පුළුවන් සීමාවක් තියනවා...ගැහැණු සහ පිරිමි දෙන්නම එකිනෙකාට විශ්වාසය නොරකී නම් ඊට එහා ආදරයක පැවැත්මක් නැති බවයි මගේ අදහස....ඒ හැරුණම අනෙක් සුළු දේවල් නොතකා දෙන්නම එකිනෙකා ගැන අවබෝධයෙන් ජීවත් වීමයි වැදගත්....ඔබට ස්තුතියි ඉවාන් වැදගත් අදහසක් වටිනා ලෙස ඉදිරිපත් කිරීම ගැන...

      Delete
    2. ආං හරි … ඉවාන් ගෙ කතාව හරියටම පැහැදිලි කරනවනං කැළණි ගං කොමළිය සමඟ පාලම යටින් මහ සමුදුර වෙත පොල් ලෙල්ලක් ගියා වාගෙ.…

      Delete
    3. විශ්වාසය කියන පොල් ලෙල්ල එහෙම ගහගෙන ගියාම සේරම ඉවරයි පත්තරේ...

      Delete
  3. අනේ මන්දා බහුතර ආදරයන් කාමාසාව මත මවා ගත බලාපොරොත්තු වලින් පදනම් වෙච්ච සිහින ලෝක වෙලා, යතාර්ථය ඒ සිහින ලෝක වල තියෙනවද යන්න ගැටලුවක්, ආදරයට එක වීමක් අවශ්‍යමද, නදී සියල්ල මුහුද කරා යද්දී නදී ජලයට කෙතරම් නම් වේලි හමුවෙනවද? මුළු nadee ජාලයම සයුර කරා යනවද නැත්තන් හැඟෙන දැනෙන දකින විදියට කොපමණ ප්‍රමාණයක් පෙරිලා වෙන වෙන පති වලට යනවද? ආදරය කියන්නේ ඇත්තටම මොකක්ද? අර්ථ දක්වන්න කාටද පුළුවන්? එක එක එක්කෙනාට සාපේක්ෂයි, එත් දකින හැඟෙන දැනෙන විදියට හුගක් ඒවා බොළඳ සිහින ලෝකම විතරයි දෙදෙනෙක් එක්ව දෙන්නටම සාපේක්ෂ විදියට ගහගත්ත මුක්කු වලින් සවිමත් වෙච්ච සිහින මාලිගාම විතරයි, හුදු සියල්ල යහපත්ම අතුරින් වේ කියන බලාපොරුත්තුව ඒ දෙදෙනාට සාපේක්ෂව තියෙනවා, එකෙකුට හරි විදියට දකින දෙ අනිත් කෙනාට වැරදි, ඔන්න ඕකයි සිහින ලෝක වල ගැටලුව,

    //ඔබෙන් සිදුවූ වරදකින්
    එයින් මතුවූ කඳුලකින්
    හැකි වූවේ නම් සැඟවෙන්නට
    තිබුණා නොවෙද එක්වන්නට අපට ...//

    ඔය තියෙන්නේ උදාහරණත් එක්කම, ජය

    ReplyDelete
    Replies
    1. ඔබ ආදරය කියන සංකල්පය ගැන කරල තියන සාරවත් විග්‍රහය ගැන මට වෙන කියන්න දෙයක් නෑ සොමියා...ඒ තරම් සම්පූර්ණයි...ඔබ කියන කතාව හරි...සිහින ලෝක වලදී ලොකු ගැටළු මතුවෙනවා...සිහින සම්පූර්ණ කරගැනීම ඒවා දකිනවා තරම් නම් ලේසි නෑ...සමහර විට ජීවිත කාලෙම ඒවා ඉටු කරන්ගන්නත් බෑ...ඒත් ඒ බව නොදන්න අපේ මිනිස්සු සිහින ලෝකවල් පස්සෙම ගිහින් අන්තිමට මොකුත් නැතුව නන්නත්තාර වෙලා අන්තිමට ආදරයටයි, ලෝකයටයි ශාප කර කර ඉන්නවා...අපි කරන්න ඕන අපේ සිහින පියවි ලෝකයට නිවැරදිව ගලපා ගන්න එක...එහෙම කළාම අර කියපු සිහින ආදරය ඇත්තටම පේන්න පටන් ගන්නවා...ඒවා තමයි ප්‍රායෝගික ආදර කතා...ලුණුයි බතුයි එකට කමු කිව්වට ඒක ඇත්තටම කන්න ගියාම කරන්න පුළුවන්ද...අඩු ගානෙ දෙන්න එක්ක උත්සාහයවත් තියෙන්න ඕන ගොඩ යන්න...එතකොට තමයි ආදරය තව තව වැඩිවෙලා සිහින ලෝකය හැබැහින් ඉදිවෙන්නේ...දැන් මගේ කවිය ගත්තොත් එකෙ මම ලිව්වෙ සත්‍ය සිදුවීමක්...ඒකෙදි වුණේ ඒ කොල්ලා පුදුමාකාර විදිහට ඒ කෙල්ලට ආදරය කළා...ඒත් ඒ කෙල්ල එයාගෙ ජීවිතේ යම්කිසි නරක අතීතයක් හැංගුවා හිතාමතාම...ඒවා ටිකෙන් ටික එළිවෙද්දී ඒ කොල්ලා එයාට කිව්වා ඔයා සේරම සිදුවීම් දැන්වත් අකුරක් නෑර කියන්න මම සමාව දෙන්නම් කියලා...ආයෙ අලුතින් දේවල් පිටින් ආරංචි වෙන්න දෙන්න එපා කියලා...ඒත් සිදුවුණේ ඒකෙ අනික් පැත්ත...කෙල්ල නොකියපු ගොඩක් කතා ඊට පස්සෙත් වෙන උන්ගෙන් අහගෙන ඒවා කෙල්ලගෙන් ආයෙම අහද්දී ඒව ඇත්ත බව කෙල්ලගෙ කටින්ම එයා අහගත්තා...ඒ අතීත කුණු කන්ද එළියට ඇවිත් ගඳ ගහද්දී ඒ කොල්ලට සමාජයට මුහුණ දීගන්න බැරිවුණා....

      Delete
  4. ප්‍රේම සම්බ්න්ධයකදී කල් යන්න යන්න විශ්වාසය සමඟ තමයි බැඳීම ශක්තිමත් වෙන්නේ..
    .දුර්වල අත්තිවාරමක් උඩ ගොඩ නඟන මන්දිර අස්ථාවරයි බොසා.. අපරාදෙ සල්ලි !!!

    ReplyDelete
    Replies
    1. ඔබ සමග 100% එකඟයි පත්තරේ...ප්‍රේමයක දී විතරක් නෙවෙයි යාළුකමකදී වුනත් ඒක එහෙමමයි....විශ්වාසයක් නැති තැනක නිවැරදි සම්බන්ධයක් පවතින්නේ නෑ...සල්ලි නෙවෙයි හැමදේම අපරාදෙ...

      Delete
  5. මෙය ආදරය නම් නොවේ... ආදරය වෙනම ඇත. මිළදී ගැනීමට වුවද හැක..

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න මාතලන්...ඔබ යම්කිසි ගැඹුරු දෙයක් වචනෙන් දෙකෙන් කිව්වා වගේ මට දැනෙනවා...ඒත් මට ඒ කියපු දේ ඇත්තටම පැහැදිලි නෑ...හැකිනම් ඔබේ අදහස මීට වඩා පැහැදිලි කළොත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා....

      ඊට අමතරව මම මෙතනදී කියන්න හැදුවේ ආදරයක් පවත්වාගෙන යන්න පුළුවන් විශ්වාසය සහ එකිනෙකාට විවෘත වීම මත පමණයි කියන එක...ඒවා නැතුව අනික් මොනවා තිබුණත් වැඩක් නෑ නේද...

      Delete
  6. The internet is а loot more just likе а little nation, ѡith variouѕ sects andd towns liking ԁifferent tҺings.
    ӏt is thе difterence inside tҺe amount ߋf traffic, that сɑn ultimately determine tҺe quality оf
    performance іn а vwry real business. Аt the minute, օne of the
    most popular types of geneгal marketing employed bʏ web advertising
    companies іs called article marketing.

    Μy web blog: Symptoms Of Unclean Colon

    ReplyDelete
  7. ඔව් ආදරය රඳා පවතින්නේ විශ්වාසය මතනේ..

    ReplyDelete
    Replies
    1. ඒක සම්පූර්ණ ඇත්ත තුශානි...ආදරයක් කොහෙත්ම නෑ විශ්වාසයක් නැති තැනක...බොහොම ස්තුතියි තුශානි...

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ආදරේ ඉතිං මෙව්වා එකක් තමයි.. ඒ මෙව්වා එක හරියට මෙව්වා කරගත්තෙ නැත්තං ටික කාලෙකදි ආදරේ නිකංම මෙව්වා වෙලා යනවා.. ඊට පස්සේ දෙන්න ගෙ මෙව්වා එක හදන්න අමාරුයි... මොනවා උනත් ආදරේ මෙව්වා කරගන් නැතිවා දෙන්නට දෙන්නා මෙව්වා නොවී බොහොම මෙව්වා එකෙන් මෙව්වා කරනවානං ඒච්චර මෙව්වා එකක් නෑ.....

      මේව්වා වේවා !!!

      Delete
    2. මෙව්වා වෙලා ඇවිත් වටිනා අදහස් වලින් ගී පවුර මෙව්වා වලින් පිරෙව්වාට මෙව්වා ගොඩක් ඔබම පිරිනමමි...ඔබට මෙව්වා වේවා....

      Delete
  9. නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා
    නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා ...//

    කෙන්ද කන්ද වී ලෝකයෙ නෙත විවර වෙලා
    අන්ද මන්ද වී සිත්මල් තැලී පොඩි වෙලා
    බැන්ද පෙම් රැහැන් එකිනෙක ලිහී ගිලිහිලා
    මන්ද මේ මුසා බසකට ඔබ මුලාවෙලා //

    නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා
    නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා

    ලන්ද වන පෙතේ කෝකිල ගැයුම ‍ගොළුවෙලා
    මන්දහාසයෙන් පිපි මුව මඬල මැලවිලා
    දැන්ද සුව ගෙනේ විඳි සුව හදට ළංවෙලා
    සුන්දරයි කියා පැතු හැම දෙයම සුන්වෙලා //

    නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස් වලා
    නින්ද පාවෙලා නෙතදර නුඹ හරස් වෙලා ...//

    ගායනය - සේනානායක වේරලියද්ද
    පද - නන්දා උඩවත්ත
    තනුව - සිරිල් පෙරේරා

    ReplyDelete
    Replies
    1. සින්දු ඇනෝ...ඔබ ඉදිරිපත් කරලා තියෙන්නේ මීට සමගාමීව යන හරිම ලස්සන ගීයක්...මාත් හරිම කැමති ගීයක්...මේකෙන් කියන්නේ වැරදි වැටහීමක් නිසා වූ දෙයක් ගැන...ඒත් ඒ වැරදියි කියන දේවල් ඇස් පනාපිටම හරියි කියලා ඔප්පු වුණොත් එහෙම??...

      Delete
  10. ආදර සම්බණ්ධයක් කල් යන්න යන්න තමයි ඒ ආදරේ තුල විශ්වාසය තදින්ම බැදෙන්න ඕන..

    ReplyDelete
    Replies
    1. ඔබ හරියටම හරි දිනේශ්...මීට වඩා ඒ ගැන කියන්න දෙයක් නෑ...ඔබට බොහොම ස්තුතියි....

      Delete
  11. The turnkey franchise provider offers nything еlse, including.

    There arre simple systems yoս ccan applied that աill Һelp үoս gіve attention tօ yoսr organization.
    In rder to determine positive гesults frοm the
    shortest time рossible, tɦere can bbe a feww guidelines that needs
    tߋ bе follоwеd.

    My blog prevent skin - ,

    ReplyDelete
  12. සුපෙම් හැඟුම් ඔබෙන් එපා
    මිතුරුදම් විනා
    නෞකාවකි ඔබ ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ//

    තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ
    දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්
    කිසිදින අප හමු නොවන බව දනිම්
    සිහිනය මිය යා යුතුය මේ ලෙසින්

    සුපෙම් හැඟුම් ඔබෙන් එපා...

    දිවයුරු සැඟවෙන මොහොතක තනි වී
    ඉකිබිඳිමිනි වියරු වී පාළුවෙන්
    ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා
    නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්

    සුපෙම් හැඟුම් ඔබෙන් එපා.../

    සුපෙම් හැඟුම් ඔබෙන් එපා
    මිතුරුදම් විනා
    නෞකාවකි මා ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ


    ගායනය - ප්‍රදීපා ධර්මදාස, ලක්ෂ්මන් විජේසේකර
    ගී පද - කපිල කුමාර කාලිංග
    සංගීතය - රෝහණ වීරසිංහ

    ReplyDelete
  13. අසංක, මෑතකදී ඔබෙන් දුටු විශිෂ්ඨතම පද රචනය මෙයයි. ඇත්තෙන්ම ඉතාම ඉහළයි. හිතට හොඳින්ම දැනුන, කිහිපවතාවක්ම කියවල රසවින්ද නිර්මාණයක්.

    ReplyDelete
    Replies
    1. ඔබ ඉහතින් ඉදිරිපත් කළ ගීතය මාත් කැමතිම ගීතයක් මනෝෂ්.....ඔබ කිව්වා මෑතකදී මගෙන් දුටු හොඳම කවියක් මෙය බව...ඒකට හේතුව වෙන්න පුළුවන් දෙය දැන් මම හරියටම කියන්නම්...මේ සිදුවීම ඇත්තටම මටම වුණු දෙයක්....ඒ වුණු දේ ඉතා කෙටියෙන් සොමියාට දීපු උත්තරේ ඇති...එකපාරටම ඇත්ත එළි කරන්න හොඳ නෑ කියලා හිතුණු හින්දා කලින් කමෙන්ට් වලදී අපේ බ්ලොග් සහෝදරයන්ට කීවේ මේක මට සමීප ඇසූ දුටු කතාවක් කියලා විතරයි...ඉතින් ඒ ගැන දැන් ඔවුන්ගෙන් සමාව ඉල්ලා සිටින අතර ඇත්තම කතාව මම දැන් ඔබට කිව්වා...ඔය සිදුවීම හින්දා මම පුදුමාකාර විදිහට මානසිකව වැටුණා...ආයි ජීවිතේටම වෙන කා ගැනවත් ආදරයක් නොදැනෙන තරමටම...ඒ විඳවීම කියන්න වචන නෑ...මේ දැන් වුනත් මට ඒ හැම දෙයක්ම අකුණක් ගැහුවා වගේ හදවත හරහා ගිහින් ආයෙමත් නැතිවෙනවා...මේ හැම දෙයක්ම හේතුවෙන් ඇතිවුණු මානසික පරිවර්තනයත් එක්ක තමයි මගේ මේ නිර්මාණ ලෝකයට පය තැබීම ආරම්භ වෙන්නේ....බොහොම ස්තුතියි මනෝෂ්....

      Delete
    2. අසංක.. පැවසීමට යමක් හිතාගන්න බෑ. කොහොම උනත් ඔය හා සමාන්තර නමුත් කිසිවෙකු වැරදි නොවන සිදුවීම් වලට මමත් මුහුණ දීල තියෙනවා. ඒ සුළු දේවල් වලින් පවා මා ලැබූ අපරිමිත වේදනාව සිහිපත් වනවිට ඔබගේ වේදනාවේ තරම් මට තේරුම්ගන්න පුලුවන්. මගේ බ්ලොග් එකේ උඩින්ම මං උපුටාගනීමක් දාල තියෙනවා. "මිනිස්සු හිතනවා කලා කරුවන්ට කොහෙන්ද මේ නිර්මාණ, ගී තනු එන්නෙ කියලා.. බීතෝවන් කිව්වා ඒ සියල්ල අපට එන්නෙ දෙවියන්ගෙන් කියලා. එහෙත් මා නම් කියන්නෙ මේ සියල්ල අපට එන්නෙ වේදනාවෙන් කියලා. මුතු ඇටයක් බවට පත්වන්නෙ, බෙල්ලෙක්ගෙ බෙලි කටුවක් තිල සිරවුන වැලි ඇටයේ වේදනාව"

      ඉතින් ඔබ ඔබේ වේදනාව අද මුතු ඇටයක් බවට පත්කරල තියෙනවා. එයයි ඔබ අපේ පරපුරට දෙන රුවන් ආදර්ශය. සුලු ප්‍රශ්නයකට පිහියෙන් ඇනලා බල්ලො බලල්ලු ගානට ආදරේ මරල දාන යුගයක ඔබට දිය හැකි නාමයක් මට හිතාගන්න අපහසුයි.

      කොහොම උනත් අසංක මගේ ජීවිත කාලය තුලදී මා අත්විඳි ප්‍රශ්න, වේදනාව සහ කලකිරීම් හමුවේ මා වටහාගත් පරම සත්‍යනම්, අපේ ජීවිතේ සියලු දේ සඳහා කාලය විශිෂ්ඨ විසඳුම් ලබා දෙනවා. ඒ වගේම වෙච්ච, වෙන, වෙන්න තියෙන සියලු දේ වෙන්නෙත් අපේ හොඳටමයි. ඒ මං යළි යළිත් පසක් කරගත් සත්‍යයක්.

      මේ ඔබේ අමරණීය ආදරය වෙන්න පුලුවන්, නමුත් මේ දේ, ඔබ නීතිමය බැම්මකින් බැඳීමට පෙර මෙහෙම සිදුවීම කෙතරම් භාග්‍යක්ද. විවාහ වී දරුමල්ලන් සිටින සමයක පවුල් කඩාකප්පල් කරගන්නා කී දාහක් අපි අතර ඉන්නවද. ඒ අතින් ඔබ වාසනාවන්තයි. මං දන්නවා මගේ මේ එක අකුරකින්වත් ඔබේ බිඳුනු හිත එක්තැන කරන්න බැරිවෙයි.. ඒත් මේක අපි අවබෝධකරගමු.

      ඔබට ජයෙන් ජයම වේවා~~

      Delete
    3. මනෝෂ්ට දෙන්න තියන කෙටිම සහ හොඳම උත්තරේ මෙයයි...ඔබේ හැම වචනෙකින්ම මගේ හිත හැදුනා...මෙය මූනිච්චාවට කියන දෙයක් නෙවෙයි...ඔබ හරි මනෝෂ්...කාලය තරම් ප්‍රශ්න වලට විසඳුම් දෙන කෙනෙක් නැහැ...ඒ වගේමයි වේදනාවන් තුළින් කාලකණ්නියෙක් නොවී ඔබ වගේම මටත් මේ වගේ මාවතකට එන්න හැකි වීමත් වාසනාවක් මනෝෂ්...ඔබට බොහොම ස්තුතියි...

      Delete
    4. "කොහොම උනත් අසංක මගේ ජීවිත කාලය තුලදී මා අත්විඳි ප්‍රශ්න, වේදනාව සහ කලකිරීම් හමුවේ මා වටහාගත් පරම සත්‍යනම්, අපේ ජීවිතේ සියලු දේ සඳහා කාලය විශිෂ්ඨ විසඳුම් ලබා දෙනවා. ඒ වගේම වෙච්ච, වෙන, වෙන්න තියෙන සියලු දේ වෙන්නෙත් අපේ හොඳටමයි. ඒ මං යළි යළිත් පසක් කරගත් සත්‍යයක්."

      @මනෝ ..කියන්න ඕන ඔක්කොම මේ වචන ටිකේ තියනවා ..
      +++++++++++++++++++++++++++++++++++++++


      මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
      මනින්නට ඔබ උගෙන නැත තව
      මගේ අවසන් සුසුම පමණද
      අවැසි ඔබ හට මා දකින්නට

      වසර ගණනක යොදුන් ගණනක
      ගමන්මග අප ගෙවා ඇත්තෙමු
      තරු වියන් යට කුසුම් පෙති මත
      දෑත් පටලා ඇවිද ඇත්තෙමු
      එහෙත් සුහදිනි ,
      මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
      මනින්නට ඔබ උගෙන නැත තව

      මිලින කුසුමෙක මිලින සිහිනෙක
      මගේ සිහියද සැඟව ගත් කල
      සිතනු මැන ඔබ ඔබට අවනත
      හදක් මිහිමත මෙතෙක් රැඳී වග
      එහෙත් සුහදිනි ,
      මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
      මනින්නට ඔබ උගෙන නැත තව




      ගී පද - බණ්ඩාර කේ. විජේතුංග
      ගී තනුව - රෝහණ වීරසිංහ
      ගායනය - සුනිල් එදිරිසිංහ

      Delete
    5. සෙනෙහසකට අරුතක් පුරවන්නට
      අහසේ තරු ගැන්නා...
      වෙරලේ රළ මැන්නා...
      සීමාවක් මායිමක් නැතැයි කී
      සෙනෙහස ඇයි දෙතැනක තනිවී

      කැකුළක් සිදුනින් හදවත පිපුණූ
      කඳුලෙත් අතුමත විස තිබුණා
      බිඳුනොත් බඳුනක පිළියම් කරනට
      බැරි කැළලක් මතුවී පෙනෙනා...

      සෙනෙහසකට අරුතක් පුරවන්නට
      අහසේ තරු ගැන්නා...
      වෙරලේ රළ මැන්නා...
      සීමාවක් මායිමක් නැතැයි කී
      සෙනෙහස ඇයි දෙතැනක තනිවී

      පවකින් පෙර අත් භවයක සිදුවූ
      සිතකින් සිතකට දුක පිරුණා
      මගෙ අත දිගු කළ හැකි හැම තැනදී
      ඔබ අත මා දුරකින් තිබුණා...

      සෙනෙහසකට අරුතක් පුරවන්නට
      අහසේ තරු ගැන්නා...
      වෙරලේ රළ මැන්නා...
      සීමාවක් මායිමක් නැතැයි කී
      සෙනෙහස ඇයි දෙතැනක තනිවී

      පද රචනය : ප්‍රණීත් අබේසුන්දර
      ගායනය : අසංක ප්‍රියමන්ත
      සංගීතය : මහින්ද බන්ඩාර

      Delete
    6. ඉහත සුනිල් එදිරිසිංහයන්ගේ ගීතය නැවත මතක් කලාට ඔබට බෙහෙවින්ම ස්තූතියි අපේ සිංදුවෝ..

      Delete
  14. ඇත්තටම නදියකට සයුර වෙත මිසක්, සයුරකට නදිය වෙත ගමන් කල නොහැකිද????

    නිර්මාණය ලස්සනයි අසංක!

    ReplyDelete
    Replies
    1. ඇත්තරම ප්‍රියා...සයුරක් නදිය වෙත ගලනවා කියන්නේ ආපස්සට සිදුවන දෙයක්....එහෙම නැත්තම් සාමාන්‍යයෙන් සිදු නොවන දෙයක්...ඒක තමයි ස්වභාවධර්මය...ගැහැණිය හා පිරිමියාත් මේ ස්වභාවයට යටත්...දෙන්නගෙන් කවුරු හරි එක පැත්තකට නොගැලුවොත් එතන යම්කිසි නොගැලපීමක්...මට කියන්න ඕන වුනේ ඒක...ඉස්සරින් මනෝෂ්ට කිව්වා වගේ ආදරකදී සිදු නොවිය යුතු සේරම දේවල් වුණාට පස්සේ මට ආපස්සට සිදුවීම් ගලපලා ආයෙමත් මුලින් හිතපු විදිහටම හිත හදාගෙන ආදරය කරන්න බැරිවුණා...ඒකයි මම කවියේ එහෙම කිව්වේ...බොහොම ස්තුතියි ප්‍රියා ඔබට...

      තව දෙයක්...ඇයි දැන් ඔබ ප්‍රියාගේ සිතුවිලි වැඩිය ලියන්නේ නැත්තේ...ඒක අපි හැමෝම ගොඩක් රස වින්ද ලිපි මාලාවක්...ඔබ බොහොම හොඳට ලියන්න දක්ෂයෙක්...ඒක හැමදාම පවත්වාගෙන යන්න...ජය වේවා....

      Delete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. මකුළු දැල් බැඳී ඇති යටගියා වූ අතීතේ
    වැසී ඇති කුණුකන්ද ඇදී ගඳ ගහනවා
    මතකයට නඟන විට මගේ හිත හඬනවා
    තවත් රිදවන්නැතිව මගේ හිත හදාපන්
    උඹට පිං සිද්ධවෙයි...

    බොහොම අපූරු නිර්මාණයක් අසංක. ඇත්තෙන්ම හැමදේම වෙන්නෙ හොඳටයි..

    ReplyDelete
    Replies
    1. ඇයි පියසටහන් ඔබේ කලින් කමෙන්ට් දෙකම මැකුවේ...මම ඒ දෙකම දැක්කා...ඒවයෙ කිසිම ප්‍රශ්නයක් නෑ....මේ පද ගලපලා තියන විදිහ සහ අදහස තදින්ම හිතට කා වැදුනා...ඇත්තමයි...ඔබේ අදහස් හරිම සංවේදියි...ඒ වගේම නිර්මාණාත්මකයි...ඔබ මේ පැත්තට ඒම පිළිබඳව අපි බෙහෙවින් ස්තුතියි...ඔබ අපිට ශක්තියක්....ඇත්තෙන්ම හැමදේම වෙන්නේ හොඳටයි පියසටහන්...අද මේ දේ මේ විදිහට වීම හින්දා තමයි ඔබ වැනි ලස්සන පිරිසක් ඉන්න ලෝකෙක මේ නිර්මාණ සැරිසරන්නේ...අපි හිත සතුටින් ඉන්නේ....

      Delete
    2. ඔය අපේ පියසටහන්ගෙ හැටි. එයාගෙ කවි වල එකම එක අකුරක් හරි වැරදුනොත් එයා ඒක හරිගස්සනවා. මේ පියසටහන්ගෙ වෙනත් බ්ලොග් එකක පළමු කමෙන්ට්ටුව. ඊයෙ තමයි හරියටම ඒ පහසුකම් ලැබුනෙ. හොඳට බලන්න ගී පවුරේ, කලින් කවි දෙකටම වඩා මේක සංගීතවත්, ඒකයි කවියක එක අකුරක උනත් තියෙන වටිනාකම.

      Delete
    3. බොහොම නිහතමානී ආඩම්බරයක් දැනෙනවා..පියසටහන්ගෙ පළමු කමෙන්ටුව අපේ බ්ලොග් එකේ වුණාට...ඔබ හරි මනෝෂ්....එකම එක අකුරකිනුත් අදහස සම්පූර්ණයෙන්ම කණපිට ගහන්න පුළුවන්...ඔබ නියමම කවියෙක් බව පේනවා පියසටහන්....බොහොම ස්තුතියි...

      Delete
  18. ආදරය කරන කොට මේ මගේ සිමාව,මෙතැනින් එහා ඔයාගේ සිමාව කියලා දෙයක් නැහැ කියලා මට හිතෙන්නේ.නදිය,සයුර වෙත එනකම් බලාන ඉන්නේ නැතුව නදිය පිළිගන්න සයුරට බැරි මොකද.?ආදරය කියන්නේ කැප කිරීමක් එක්තරා විදියක.

    ReplyDelete
    Replies
    1. ඔබ හරියටම හරි මනෝජ් ඒත් එක්තරා මූලික අවශ්‍යතා කීපයක් මත...ඒ කියන්නේ ආදරයක් පැවතිය යුතු මූලිකම දේවල් නැතුව වෙන කිසිම දෙයක් සාර්ථක නෑ...ඔබ හරි....සීමා නෑ...කොන්දේසි නෑ....දෙන්නගෙන් කෙනෙක් හරි දෙන්නම හරි කැපවෙන්න ඕන....මමත් එතැන ඉන්නවා... ඒ ගැන විවාදයක් නෑ...ඒත් අත්තිවාරම ශක්තිමත් වෙන්න ඕන අර පත්තරේ කිව්ව වගේ...

      Delete
  19. I have read several excellent stuff here. Certainly value bookmarking for revisiting.
    I surprise how sso much effort you set to make
    this kind of excellent informative web site.

    Feel free to surf to myy web-site ... orquesta zodiac ()

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...