Saturday, August 16, 2014

කුඩේ...... කුඩේ......
























හද්ද ගොඩකරේ උන් මුදලාලි කෙනෙක්
එක දවසක දුර බැහැරක යනු සිතලා
බුරුත කෝට් බෑය දාල උජාරුවෙන්
අවෙ යන ලෙසින් පාරට හනික ඉතින්

මේ උන්නැහෙ අත මිට ඇත කාසි පනම්
ඒත් මෝඩ ගතිගුණ නම් එමට වෙතේ
ඊට සරිලනා ලෙස ඇති මාන්නයෙන්
පිම්බීලා ඇත මුන්නැහෙ හොඳ පදමින්

සේන්දු වී නගරෙට මේ මුදලාලී
ගිනි පූටක අව්වෙ තට්ටෙ රත්වීලා
ගෙදරින් ගෙනා ලොකු කුඩයත් ඉහලාන
ටවුමෙ හතර කොන ඇවිදී මහන්සියෙන්

මේ ලෙස ආ කාරිය වූ පසු ඉෂ්ඨ
රෑ බෝ විලා මුදලාලිත් දන්නෙ නැතුං
දැන් මුන්නැහෙ කලබල වී හොඳ හැටියේ
ආපසු යන්න බසයක්වත් නැත මේ රෑ

ඉතිං ඇවිද බලනා විට වී විපරම්
තානායමක් වෙයි මේ ලොකු ටවුමෙ ඇති
බයෙන් එහෙත් උජාරුවෙන් ගිහින් බලා
රෑ නවතින්න විදිහක් දැන් විමසන්නා

වැඩට දක්ෂකම ඇති මේ මුදලාලී
ගත්තා එතන තිබු වටිනා කාමරයක්
ඉතිං එදා රෑ ගෙවිලා එළිවෙද්දිං
ආපසු ආවෙ රට රාජ්ජෙ දිනූ ලෙසින්

ඉතිං මෙහෙම තන්තෝසෙන් එන අතර
මගදි සිහිවුණේ ඉහමොළ රත්වීලා
අමතක වී ඇත මගෙ අර ලොකු කුඩය
එය තැබුවේ මා හිටි ඒ ඇඳ යටය

දැන් ආපසු යනවා මේ මුදලාලී
කුඩය කොහොම හරි ගත යුතු වේම සිතා
එහෙම නැතොත් විසුමක් නැත හාමිනෙගෙන්
බැනුම් කප්පරක් ලද හැක හොඳ පදමින්

තානායමට විස්සෝපෙන් ආයෙ ගිහින්
හමුවී ඇත්තෙ දැන් එහි සිටි මැනේජර
මුදලාලිත් විමසයි අර කුඩය ගැන
බලාපොරොත්තුව සුන් විය උත්තරයෙන්

කුඩයක් නම් තිබුණේ නැහැ පෙනෙන්නට
ඒ කාමරය අහුරාලා හොඳ ලෙසට
මේ දැන් දුන්නෙ නව විවාහ යුවළකට
දැන් ආයෙත් යන්නට බෑ අපට ඉතින්

කොහොමින් කොහොම හරි කියලා යාප්පුවෙන්
මුදලාලිම යයි දැන් අර කාමරෙට
ඉල්ලාගෙන එන්නට ඒ ලොකු කුඩය
වටිනා කුඩය නැතිවුනොතින් වැඩක් නැත

යනවිට වසා ඇත දොර ඒ කාමරයේ
මුදලාලිත් දොර ළඟ දැන් සුනංගු වේ
එකපාරම තට්ටු කළොත් එය නරකයි
ටිකක් වෙලා විමසිල්ලෙන් සිටිනු හොඳයි

දැන් දැන් ඇතුළතින් එන්නේ සිහින් සරින්
මධුසමයක මිහිරිය ඇති වදන් පෙළක්
මුදලාලිත් වෙලා ඉතින් හොඳ විපරම්
අසා හිඳියි සිදුවන්නේ කුමක් ඉතින්

මගේ මැණික ඔය ඇස් දෙක මගේ තමයි
නා දළු වැනි තොල් සඟලත් මගේ තමයි
ඔය කන් දෙකත් ඔය සිරුරත් මගේ තමයි
මනමාලයා මනමාලිට කියනු ඇසෙයි

හැමදෙයක්ම මගේ මගේ කියනු අසා
ගල්බීතව ඇත දැන් දොර ළඟ මුදලාලී
මේ විදිහට ගියොත් ඉතින් වලාමේ
මුළු ලෝකෙම තියන ඒව මුගෙ වෙන්නා

මගේ කුඩය මා හට නැති වෙන්න කලින්
කියා පෑව යුතු ඒ බව හනික ඉතින්
එහෙම හිතල මුදලාලිත් සද්දෙ දමා
යතුරු හිලට කට තියලා කිව්ව මෙසේ......

 

අනේ මහත්තයෝ...... ඔය ඇඳ යට ලොකු කුඩයක් ඇති...... ඒකනම් ඔන්න මගෙ හොඳේ......

අසංක ගයාන් අබේසිංහ

41 comments:

  1. +++++++++++

    හිනා කෝටියයි. :D :D සුපිරියි!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රියා...උඹලා ඉතිං සුපිරියි කිව්වොත් ඒකෙ ආයෙ අහන්න දෙයක් නෑ...ඒක අපිට ලොකු ශක්තියක්....

      Delete
  2. මේකනම් ගැමි කතාවක් විදියට අහල නෑ මීට කලින්. අසංකම හදපු කතාවකටද මේ කවිය? මොකක් උනත් කවි පෙළනම් නියමයි. බොහොම අලංකාරයි. මදෑ මුදලාලි ඕක විතරක් කියල නැවතුනා.

    ReplyDelete
    Replies
    1. මුදලාලිගෙ සුදු සරම එහෙම ඇඳ උඩ අමතක උණානං තමා වැඩේ.… !!!

      මළ හත්ඉලව්වයි එහෙනං…
      ඕ යේස්.…

      Delete
    2. ඔව්...ඔව්...පත්තරයෝ... උඹ වගේ මුදලාලියෙකුට නම් එහෙම වෙයි තමා...ඕ යේස්....

      Delete
    3. නෑ...නෑ මනෝෂ්....මේක මං කොහෙදි හරි ඇහුව විහිළුවක්...ඉතිං ඒක කවියක් කරලා පොඩි වෙනස්කම් කීපයකුත් කරලා දෙන්න හිතුනා....ගොඩක් ස්තුතියි මනෝෂ්...ඔබ හැමදාම හැමවෙලේම අපිත් එක්ක ඉන්න එකට....අපිට ඔබ කියන්න බැරි තරම් ශක්තියක්....

      Delete
    4. සුදු පිරුවටයයි මංගල යහනයි
      කඳුලින් තෙමනු එපා..
      ඔබේ නිදෝස් බව ලොවට කියන්නම්
      මට දොස් නඟනු එපා..

      මුදලාලිට බුදුසරණයි!!!

      Delete
    5. හපොයි ...මුදලාලි ගිය දුර!!!

      Delete
  3. කුරුටු මට මතක්‌ උනේ මේක ...

    ආරොන් මාමා වයසක මිනිහෙකි
    ඉපදුණ අපෙ ගම්මානේ
    මිනිහගෙ ජොබ් එක කේළම් කීමයි
    තැන තැන කඩපිල් ගානේ
    නිතරම හීනෙන් බයවෙල වාගෙයි
    ලේ කඳුළක් නෑ මූණේ
    දවසක් දා කළ වැඩක් කියන්නම්
    අහගන ඉන්න ම ඕනේ...
    ආරොන් මාමා......

    රටේ තොටේ වග තොරතුරු හොය හොය
    දවසක් ගම වට ඇදුණා
    සාතන් අප්පුගෙ ගේ ළඟ දී
    පොඩි කලබලයක හඬ ඇහුණා
    මිනිහා දනි පනි ගන්නා
    බිත්තිය අයිනට දුව පැන්නා
    ජරමර සද්දෙට කණ දීගෙන උන්නා...
    ආරොන් මාමා......

    ගහපිය මරපිය ඔලුවට කොටපිය
    පාලි සංස්කෘතත් කිව්වා
    සාතන් අප්පුගෙ කොලුවා දුව පැන
    යකඩ පොල්ලකුත් හෙව්වා
    කිසි සැකයක් දැන් නෑනේ
    මිනිහෙක් මැරුවා වාගෙයි නේ
    මුළු ගමට ම අඬ බෙර ගහමින් දිව්වා...
    ආරොන් මාමා......

    සාතන් අප්පු මිනිහෙක් මැරුවා
    ආරොන් ඩොලාට කිව්වා
    ඩොලා ජෙමාලට ජෙමාල ජොසීට
    ජොසීල ඇගීට කිව්වා
    ගම ම කුලප්පුව දිව්වා
    සාතන් අප්පුව හැම හෙව්වා
    කඩු පොලු අරගෙන ගෙය වැටලෙව්වා...
    ආරොන් මාමා......

    කාවද මැරුවේ කියපිය කියලා
    සාත ව අල්ල ල ඇහුවා
    මිනිහා හිනැහී මරාපු පොළඟෙක්
    ගෙයි මැද සාලෙන් තිව්වා
    ඔලුවට ගැහුවේ මූගේ
    මූ හිටියේ ඇඳ යට මාගේ
    ගැහි ගැහි කුකුළෙක් වාගේ
    ආරොන් පැන දිව්වා...


    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය : ෂෙල්ටන් පෙරේරා
    ගායනය : ෆ්‍රෙඩී සිල්වා

    ReplyDelete
    Replies
    1. සිංදු ඇනෝ යමරෙට වැඩ … !!! :D

      Delete
    2. පත්තරේ මගේ ඩිවෝස් එක ලගයි බොලන් ,,,,, මේ අටමගලේ නිසා ගෙදරින් හම්බවෙන බත් පතටත් කෙළවෙන සේක ...හැක්

      Delete
    3. ආන්න මචෝ … එතකොට හිතේ අමාරුවට…

      බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
    4. මගේ එදත් අදත් තේරීම ගල් තමයි බන් ...
      අවුරුද්දට කාර්ගිල්ස් එකේ පෝලිමේ හිටියා මතක්‌ වෙනවා ගල් ගහන්න .....

      Delete
    5. ඕ යේස් බං.. ගොඩක් වයින් ස්ටෝස් වල බඩු කවලං…
      ගහපු වෙලේ ඉඳං උස්ස උස්ස පොලේ ගහනවා වගේ.… චැහ් .

      "ගන්නවනං කාගිල්ස් එකෙන්"
      බ්‍රෑන්ඩ් එක නං ගල්
      - ස්තුතියි -

      Delete
    6. බොහොම ස්තුතියි සින්දු ඇනෝ...අපේ කවිත් රස විඳලා තවත් ඒ වගේ කවිත් ඉදිරිපත් කරන එකට...මේකත් හරි ලස්සන ගීතයක්නේ....මම කලින් අහල තිබුණෙත් නෑ....හැමදාම මේ පැත්තෙත් එන්න කියලා ආරාධනා කරනවා...අපිව ආශ්‍රය කරනවා කියල දැනගත්තොත් ඉතිං ඩිවෝස් වෙන්න වෙන එකක් නෑ...කවුරුත් දන්නවනේ ඉතිං අපි ඔය පත්තරයා වගේ නෙවෙයි වැදගත් අය බව..ඔය පත්තරයා එක්ක ඇසුරට ගිහින් බේබද්දෙක් වෙන්න එපා...ඔය ආශ්‍රය තමයි මම හිතන්නේ ඩිවෝස් එකට ආසන්නම හේතුව....ආයෙ දෙකක් නෑ ඕං....දැක්කනේ...කට ඇරියොත් සුරාවම තමයි.... හිකිස්...

      Delete
    7. ෂිංදු ඇනෝට ප්‍රමෝෂන් එකක් හම්බෙන යන්නෙ … !!!! :D

      Delete
    8. කළේ පැන් ඇත නැවුම් රහ නැත
      මොකද මන්දා ළිඳට වූයේ
      පුළුස්සා ගත් රොටිය කර වී
      මොකද මන්දා ළිපට වූයේ
      හදා ගත් ලුණු මිරිස රහ නැත
      මොකද මන්දා දිවට වූයේ
      සැලේ ගහ කොල සුළඟ ඇත එද
      සිහිල කොයි අත ගියාදෝ
      කෝල බව මුසු සිනා හඞ නැත
      සවන් බිහිරිව ගියාදෝ
      පුරුදු නිවහන නුහුරු වී නම්
      කාට මේ ගැන කියන්නෙම්
      කාට මේ ගැන කියන්නෙම් මම
      බිරින්දෑ නෑ ගම් ගොහින්
      ගී පද - කේ. ඩී. කේ. ධර්මවර්ධන
      ගී තනු - රෝහණ වීරසිංහ
      ගායනය - සුනිල් එදිරිසිංහ

      ඔන්න බලාපන් සින්දුවො ගෑනි නැති උනාම දැනෙන හැටි

      Delete
    9. ඒක හැබැයි....ඒක හැබැයි මල්ලියෝ....ඒ ගැනනම් කියල වැඩක් නෑ...තනිකඩකම හොඳයි කියල හිතුවට එක වෙලාවක් එනවා කවුරු හරි ළඟින්ම හැමදාම හිටියනම් හොඳයි කියලා හිතෙන...බැන බැන හරි කමක් නෑ....ඒක හරි අමුතු තනිකමක්...මේ සින්දුව ඇහෙද්දිත් දැනෙනවා ඒ හැඟීම හොඳටම.....

      Delete
    10. This comment has been removed by the author.

      Delete
    11. ෂහ්!! ඇනෝ, මල්ලියා, උඹල දෙන්නම මරු බං. මට ඕකෙ අනිත් පැත්ත පේනවා මෙන්න මෙහෙම..

      මා එක්කලා අමනාපව වී දබර
      දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර...

      වැලි පොල් කටුයි හැඳි රෑනයි පෙරළාලා
      මිදුලේ වැටුණු කොළ සේරම අතු ගාලා
      ගේ ළඟ වැට කඩුල්ලට බැරි බර දීලා
      රෑ එළිවන තුරා ඉමු මිදුලට වීලා...

      හඳමාමා නැඟෙන තුරු අපි තරු ගනිමූ
      දෙදෙනාගේ ම දුක තල් අත්තක ලියමූ
      හඳමාමා අතෙම ඒ පණිවුඩ යවමූ
      හෙටවත් ගෙදර ඒ දැයි බලමින් ඉඳිමූ...

      පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
      තනුව හා සංගීතය: ඔස්ටින් මුණසිංහ
      ගායනය: මාලිනී බුලත්සිංහල

      Delete
    12. ඔව්...මනෝෂ් කියන එක හරි....හැඟීම්, දුක, තනිකම කියන ඒවා ස්වාමියාට වගේම බිරිඳටත් ඒ වගේමයි කියන එකට මේක හොඳ උදාහරණයක්....අපේ මනෝෂ්ට ඉතිං ඕනම දෙයක් සමබරව විනිවිද දකින්න පුළුවන් කියන එක අපි හැමෝම දන්නවා...ඔබේ විචාර හැකියාවට අපේ ප්‍රණාමය...

      Delete
  4. මට මගේ නොවන මගේම කුඩයක් ඇඳ යට තිබුණා …!!

    හනිමූන් දවසටත් ……

    බ්‍රෑන්ඩ් එක ගල්
    - ස්තුතියි -

    // ~~~~~~~ ම න මා ල යා ~~~~~~~ \\

    ReplyDelete
    Replies
    1. ඔය ගල් කේස් එක හින්දාම...පත්තරයගෙ හනිමූන් එකටත් ???....

      Delete
    2. ආයි මොනවද … ගල් කියන්නෙ නිකං රෙඩ්බුල් වාගෙ ෂෝක් බීමක් නෙවැ :D
      කියාපු බේත…

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. අන්න මතක් කලා බ්‍රෑන්ඩ් එක!! රෙඩ් බුල්!!!!

      Delete
    5. රෙඩ් බුල් ? චැහ්

      බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
  5. මරු මචෝ මාර රහයි.ඇත්ත කියන්න එපැයි මට නම් මතක් උනේ අර ඇම්ඩගේ බයිසිකලේ කතාව.:D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල්ලියෝ....මොකක්ද මල්ලියෝ බයිසිකලේ කතාව....මට මතක නෑ...මෙතන අවුලක් නැතුව කියන්න පුළුවන් එකක් නම් කියලා දාපන්...

      Delete
    2. ඒක මෙතන කියන්න බෑනෙ මචෝ.උඹ දන්නවනේ ඉතිං ඇම්ඩගෙ හැටි.:D

      Delete
    3. ඔව් ඉතින් ඒකත් හැබෑව තමයි...ඇම්ඩගෙ කත මොන විදිහට එඩිට් කළත් කුණුහරුපයක් නොකියා බේරෙන්නම බෑ නෙව...

      Delete
  6. මම අහපු එකේ තියෙන්නේ මනමාලයා සහ මනමාලි අතර දෙබසක්.

    මේ ලස්සන මූණ කාගේද......

    ඔයාගේ.....

    මේ ඇස් දෙක කාගේද...........

    ඔයාගේ..........

    මේ චූටි කට කාගෙද..............

    ඔයාගේ.................

    ඔන්න ඔහොම ඔක්කොම ශරීරාංග ගැන කතාව යනකොට තමයි මුදලාලිට බය හිතිලා කිව්වේ. මේ මේ ඔය දොරමුල්ලෙ තියන කුඩේනම් මගේ හොඳද කියලා.

    ReplyDelete
    Replies
    1. ආන්න ඒක නෙවැ .අනවශ්‍ය ප්‍රශ්නනේ අහල තියෙන්නෙ ඒ යකා..
      ආව කාරිය කොරගෙන පස්සෙ බැරියෑ අරක කාගෙද මේක කාගෙද , කින්ද මන්ද කියල හරියට නිවීහැනහිල්ලෙ සහසුද්දෙන්ම අහගන්ඩ … මොකෝ හොරු ගෙනියන්වෑ .නැද්ද මං අහ්න්නෙ… චැහ්.

      Delete
    2. බොහොම ස්තුතියි විචරක මුල් කතාව මතක් කළාට...මාත් පාදක කරගත්තේ ඔය කතාවම තමයි.....ඒත් කවියට නගද්දී ඒ විදිහටම දෙන්න අමාරු ගතියක් පෙණුනා...ඉතින් පොඩි වෙනස්කම් ටිකක් කළා...අවුලක් නෑ නේද.....

      Delete
    3. කියන්න බෑනෙ පත්තරයෝ උඹ වාගෙ හොරෙක් හිටියොත් එහෙම ඉතිං...නේද ???

      Delete
  7. මුදලාලිට කුඩේ ලැබුනද දන් නැහැ නේ..කුඩේ වගේ එකක් ඉතිං ඉන්සුවරන්ස් කරලත් නැති එකේ ඇවිත් ගන්න එක තමයි හොදම වැඩේ..

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත අමිල....ඉන්ෂූරන්ස් නොකරපු හින්දා ආපහු ඇවිත් ලබන අත්දැකීමෙන් ඊට වඩා ප්‍රතිලාභ තියනවනේ....හික්ස්...නේද...බොහොම ස්තුතියි අමිල මේ පැත්තට ඇවිත් අපිව දිරිමත් කරනවට...

      Delete
  8. හයියෝ සල්ලි කිවුවලු.. මරු කවි කතාව.. මුදලාලිට කුඩේ ලැබුනද ඒ කුඩෙන්ම ගුටි කන්න උනාද දන්නේ නෑ..

    ReplyDelete
  9. හයියෝ සල්ලිම තමයි දිනේෂ්...තාම දන්නෙ නෑ මුදලාලිට මක්ක වුණාද කියලා....ස්තුතියි දිනේෂ් අපිත් එක්ක එකතු වුණාට....

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...